Fri. Jul 5th, 2024
Spread the News

NPP එක බලයට ඇවිත් සියලු සැප අවසන් වෙයිද කියා බියක් පොහොට්ටු කාරයන්ට ඇතැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් සැමදාමත් පෙළන මිත්‍යාවන් අතර තවත් එක මිථ්‍යාවක් පමණයි.

මා මුලින්ම මහ මැතිවරණයකට මුහුණ දෙන්නේ 1952 වසරේ.

එදා මෙදා තුර දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ විසින් එතෙර යාමට බලා සිටින මගීන් වෙනුවෙන් ඉදි කරන ලද සිහින තොටුපොළවල් සෑම මැතිවරණයකදීම අලුත් කරන ලද බවත්, පතුළ සිදුරු වුණ කැඩුණු ඔරුවලින් ජනතාව එතෙර කරන්න ගොස් ඔවුන් ගං පතුලේ සැඟවූ අයුරුත් මම දුටුවෙමි.

මෙහි ඇති ලොකුම ඛේදවාචකය ඔරුව තනන්නාත් ඔරුවේ සිදුරු තනන්නාත් තොටියාත් එකම පුද්ගලයෙක් වීමයි.

-තෙවැනි ඇස-
03.01.2024