Fri. Jul 5th, 2024
Spread the News

එයට පිළිතුරක් සැපයීම මගේ යුතු යුතුකමක් සේ සලකා පහත සඳහන් අදහස ඔහුට ලියා යැව්වා:

කවුරු නමුත් ඔබ විෂය දැනගෙන කතා කරන බව පෙනෙනවා.

නමුත් ඒ සමගම අදහස් ප්‍රකාශ කරන ආකාරයේ ව්‍යාකූල බවක් ඇතිවී තිබෙන්නේ විශ්ලේෂණයේදී හැඟීම්බරවීම නිසයි.

එසේ නොවන්න ඔබ කියන බොහෝ දේ ඇත්ත. විශේෂයෙන්ම ඔබ සඳහන් කරන “ස්වාධීන කියන වචනයවත් නැති රටක ස්වාධීනත්වයක් කිසිසේත් ගොඩනොනැගෙනු ඇත” යන්න මම ඉතාමත් අගය කරමි.

මොන වෙනස කරන්නත් කලින්, ජනතාවට සැබැවින්ම අවශ්‍ය කරන්නේ කුමක්ද යන්න ජනතාවගේ ඇසින් බලා නිගමනය කළ යුතුව තිබෙනවා.

ආණ්ඩුවේ ඉන්න එකාත් විරුද්ධ පක්ෂයේ ඉන්න එකාත් කතා කරන්නේ දෙකක් උනාට හැසිරීම එකයි.

ඔබත් ස්වාධීන බව අගේ කරන බව ඔබගේ වචන වලින් පැහැදිලි වෙනවා.
එය මට සතුටක්.

ස්වාධීන වනවා යන්න බැරි දෙයක් නෙවෙයි. එහෙත් එය දුෂ්කර බව මමද පිළිගනිමි.

අප ඉදිරියේ ඇති අභියෝග අතර ස්වාධීන වීම බලවත්ම සාධකයක්.

මෑතකදී අලුතින් බිහි වී ලියාපදිංචි කරන ලද පක්ෂ සියල්ලම ආදර්ශයට ගෙන තිබෙන්නේ ක්‍රමයෙන් පරිහානියට පත් වෙමින් තිබෙන පැරැණි පක්ෂ ක්‍රමයමයි. එයින් එහා හිතන්නට ඔවුන්ට දැනුමක් බුද්ධියක් හෝ ශක්තියක් නැහැ.

අනාරක්ෂිත බව තුළින් පැන නැගුණු අසරණ බවක්ද මේ පක්ෂ ක්‍රමය බදාගෙන නහින්න හදන දේශපාලුවන්ගේ හැසිරීම් තුළින් මනාව පැහැදිලි වෙනවා.

කවුරු විරුද්ධ උනත්, එකඟ වුණත් නැතත් ශ්‍රී ලංකාව බේරා ගැනීමේ ඒකායන මාර්ගය වැටී ඇත්තේ දූෂිත පක්ෂ මත රඳා පවතින සියලුම දේශපාලන කණ්ඩායම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය තුළයි.

-තෙවැනි ඇස-
22.03.2024