Sat. Jun 29th, 2024
Spread the News

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජකවෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

රනිල් වික්‍රමසිංහ මහතා දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වර්තමානයේ ධූරය දරන අතර පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ ඩී.බී. විජේතුංග මහතාය.

ලක්ෂ 69ක අපේක්ෂාවන් බොඳ කිරීමේ විපාකය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිධූරය අත් හැරීමට සි‍ඳුවීමය.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පනත් කෙටුම්පත් රාශියක් ගෙන එමින් ක්‍රියා කිරීම පසුගිය සමයේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි.

යම් පනත් කෙටුම්පතක නම දෙස බැලීමේදී එම නම අහිංසකසාධාරණ විය හැකි වුවත් එහි අන්තර්ගතයේ බිහිසුණුබියජනක කාරණා අන්තර්ගතව තිබිය හැකිය.

මෙම ලේඛකයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී තනිව අභියෝග කර (SC/SD/24/2021) ජනමතවිචාරණයක් ලබා ගත් අලි සබ්‍රි පෙර අධිකරණ ඇමතිවරයා ගෙනා 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතද එවැනි අහිංසක නමක් තිබූ එක් පනත් කෙටුම්පතකි. එකී පනත් කෙටුම්පතේ නාමය අහිංසකසාධාරණ ලෙස පෙනුනත් අන්තර්ගතයේ ජාත්‍යන්තර වාණිජ ගිවිසුම්විදේශීය නීති රටට ගෙන ඒමට විධිවිධාන සළසාගෙන තිබුණි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවා එම පනත් කෙටුම්පතේ විධිවිධාන අනුමත කර තිබූ බව අලි සබ්‍රි හිටපුඅධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණි.

මෙම ලේඛකයා විසින් 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග නොකරන්නට ජනමතවිචාරණයකට යා යුතු විධිවිධාන ඇතුළත් එකී පනත් කෙටුම්පත නීතියක් වීමට ඉඩ තිබුණි.

SC/SD/24/2021 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනාධිපතිවරණයට යායුතු වන විධිවිධාන ඉවත් කිරීමෙන් පසු පසුගිය 2021 අගෝස්තු මස 17 වැනිදා එම පනත් කෙටුම්පත (2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත)ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.


ඒ අනුව පැහැදිලි වන්නේ පනත් කෙටුම්පතේ නම දෙස බලා එහි අන්තර්ගතය තීරණය කිරීම සුදුසු නොවන බවය.

වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙනා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේද නම දෙස බැලීමේදී එහි නම අහිංසක සහ සාධාරණ ලෙස පෙනේ. එසේ වුවත් එහි අන්තර්ගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සළකා බැලීමේ නෛතික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ බාර කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය
සම්බන්ධයෙන් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කතානායකවරයා වෙත යොමු කර තිබූ අතර,  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2024.06.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සහ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12, 14.1.e, 14.1.f, ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කිරීම සහ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය.

එසේ තිබියදී 2024.06.18 දින රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සහජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* ආදී වශයෙන් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී එකී තීරණය විවේචනය කළේය.

අනුප්‍රාප්ති ජනාධිපතිවරයා
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වීනීතියේ පාලනයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අයුතු මැදිහත්වීමක්අගෞරවයක්අපහාසයක්අධිකරණ සවාධීනත්වය අහිමිකිරීමක් නොවන්නේද යන ප්‍රශ්නය මේ වන විට සමාජයේ විවිධ කොටස් අතර පැන නගී.

* Cannibalism යනු මිනීමස් කෑමමිනිසුන් විසින් මිනිස් මස් අනුභව කිරීම

* Cannibalism, eating of human flesh by humans
(https://www.britannica.com)

නීතියේ පාලනය වෙනුවෙන් වන කිසිවෙකුට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ එකී කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකිය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සතු දීර්ඝකාලීන අත්දැකිම් සහ පරිචය අහිමි කර ගත්තේ අධිකරණය අදාලව ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism * ලෙස ප්‍රකාශ කිරීමත්ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් බව කිව හැකිය.

අධිකරණයේනීතියේ ආධිපත්‍යයේ බරපතල ගැටලු ඇතිබව සැඟවිය නොහැකිය. මහජනතාව ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත.එසේ වුවත් ජනතාවගේ හෘදය සාක්ෂියනීතියේ ආධිපත්‍යය ගැන සිදුවනක්‍රියාත්මක කරනවිසදන ආකාරය ගැන ගැන ඇත්තේ ලස්සන චිත්‍රයක් නොවේ.

එය නිවැරදි කිරීමට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට දැඩි අවශ්‍යතාවයක් තිබිය හැකිය. එසේ වුවත් ජනාධිපතිවරයා කිරි කළයට ගොම හළාගත්තේය. ජනාධිපතිවරයා විසින්ම කරගත් ඒ දෝෂය නිවැරදි කිරීම කළ හැක්කේද යන්න ප්‍රශ්නයකි.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගැඹුරෙන් කල්පනා කළ යුතු බව මෙම ලේඛකයාගේ අදහසයි.

නොඑසේනම් “ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* ” ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාටජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කිරීමවැළැක්විය නොහැකිය.

http://neethiyalk.blogspot.com/2024/06/judicial-cannibalism.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජකවෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.20)


Source by News Room: President Ranil Wickremesinghe accused the Supreme Court of practicing “judicial cannibalism” and its determination on the gender equality bill Face Book Video : https://web.facebook.com/watch/?v=3464894577104570

Leave a Reply

Your email address will not be published. Required fields are marked *