Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy People Gazette

ශ්‍රී ලංකා දේශපාලනයේ දක්ෂිණාංශය වන යූඑන්පී එක බලයට පත්වූ හැම අවස්ථාවකම IMF ඒක ලංකාවට ණය ලබා දී තිබෙන්නේ බන්දේසි වල තබල.

ජේ ආර්ගේ පාලන කාලයෙදී ශ්‍රී ලංකාව ඇමරිකානු කොළනියක් කිරීම සඳහා දුන් තෑගි සමහර අවස්ථාවල ඩොලර් මිලියන 300 හාරසිය ගණන් ඉක්මවූවා . ඊටත් පසු කාලයක US $ මිලියන දහ දෙදහා ප්‍රමාණයේ ණය ලබාදී තිබෙනවා.

ඇමරිකාවේ භූ දේශපාලන උපක්‍රම තුළ ලංකාවේ භූගෝලිය පිහිටීම ඉතාමත් වැදගත් බව කලාපයේ රටවල් සියල්ලම දන්නවා.

” ආ මංගලම් මෙසිරි ලකට මංගලම් – දිලේ ජන්ම භූමි…”කියමින් අපි උදම් ඇනුවත් සල්ලිකාර කාමුක ධනවතෙක් ගමේ ඉන්න හැම ලස්සන කාන්තාවක්ම තම වසඟයට ගන්නා ආකාරයයෙන්ම භූ දේශපාලන සාධකය පදනම් කරගෙන දියුණු වෙමින් පවතින රටවල් වල දුර්වල නිවට රාජ නායකයින්ව ඇමරිකාවේ දේශපාලන සමාජ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන්ගේ වසඟයට ගන්නවා. JR, ආර් ප්‍රේමදාස වැන්නන් කෙළින්ම ඇමරිකාවේ නව යටත් විජිතවාදී මානසික තත්ත්වයට සහයෝගය දුන්නා.

පැනමා රාජ්‍යයේ රස්තියාදුකාරයෙක් මෙන් කුඩු විකුණමින් සිටි නොරියේගා ව එම රාජ්‍යයේ රාජ්‍ය පාලකයා ලෙසින් පත් කරගෙන ගත හැකි හැම වැඩක්ම ඔහු ළවා කරගෙන පසුව ඔහුව බලයෙන් පහ කර, අත්අඩංගුවට ගෙන ඇමරිකාවේ බන්ධනාගාරයක මිය යනතුරුත් රඳවා ගෙන හිටියා.

ශ්‍රී ලංකා සන්දර්භය තුළ ගෝඨාභයට කළේත් ඒ දේම තමයි.

දියාගෝ ගාර්ෂියා යුද කඳවුරු වලින් ඇමරිකාවට ඉවත් වෙන්න සිදු වුවොත්, ශ්‍රී ලංකාව හැර වෙන ස්ථානයක් ඔවුන්ට මේ කලාපයේ නැත.

ලබ්බට තැබූ අත පුහුලටත් තබන්න ඇමරිකාව සූදානම් වන ආකාරය නරඹමින් පමණක් සිටියහොත් අවදානමට ලක්වන්නේශ්‍රි ලංකාවේ බෞද්ධ උරුමයන් පමණක් නොව තව බොහෝ දේ ලංකාවට අහිමි වනු ඇත.

” ඉඟුරු දී ගම්බිරිස් ගත්තා වැනිය” යන සංකල්පය මෙරටට හඳුන්වා දුන් පුද්ගලයා කවුරුන් වුනත්, මෙවන් අවස්ථාවක ඔහු අපට සැබවින්ම වීරයෙක්.

  • එඩ්ව‍ර්ඩ් –

24.03.2923