Wed. Jul 3rd, 2024
Double Acting Peoples
Spread the News
ද්විත්ව රංගනය

රංගනය යනු කුමක්ද යනු අර්ථකථනය කල යුතු නොවේ. එයිනුත් ද්විත්ව රංගනය විශේෂ ලෙස ගැනේ. රංගනයට ලද හැකි උපරිම ලෝක සම්මානය ඔස්කාර් සම්මානයයි. සිනමා රංගනයේදී ද්විත රංගනය කරන්නවුන් ගැන ඔබ හොඳාකාරව දන්නා වුවත් ජීවිතයේදී ද්විත්ව රංගනයක යෙදෙන්නන් ගැන ඔබට පුළුල් අවබෝධයක් නොතිබෙන්නට පුළුවන.

ඔස්කාර් සම්මානයකටත් වඩා ඉහල වූ සම්මානයකට හිමිකම් කියන මෙවැනි වූ චරිත බොහොමයකි.

මින් පළමුවැන්න හිමි විය යුත්තේ දේශපාලකයන්ටය. බලය වෙනුවෙ ඕනෑම වූ රංගනයක යෙදෙන්නට ඔවුනට පුළුවන. පාලකයන් සහ “වෙන්ට-පාලකයන්” යන්න දෙගොල්ලම මිට සුදුසුකම් ඇතියවුන් වේ.  මේ අය රටට පුදුම හිතෙන ආදරයක් පෙන්වයි. රට ගොඩගන්නා බව කියයි. තමන් හරි සරල දිවිපැවත්මක් ගෙනියන බවත් ඒ වෙනුවෙන් ප්‍රදර්ශන සහ සංදර්ශනාත්මක හරඹ පවත්වයි. හරඹ කරන්නා වූ මොවුන්ගේ රංගන විලාශය ගැන උදාහරණයක් පහතින් දැක්වේ.

සැබෑ දේශප්‍රේමියෙක් යයි සිතිය හැක්කේ ඔහු බලයට ආ පසු ඔහුගේ ක්‍රියාකලාපය ගැන සිතා නොව ඔහු බලයට ඒමට පෙර ඔහුගේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කිරීමෙනි. දුප්පත් ළමයෙකුට පැන්සලක්, පොතක්, අඩු තරමින් බත් පැකට් එකක් වත් මෙතෙක් නොදී ඇති මොවුන් තමා බලය ගත පසු රටට බත් දෙන්නට පාරම් බායි. මොවුන් යම් රජයේ සේවයක යෙදෙයි නම් ඔහු ගැන ඔබ ඔබගේ අවධානය යොදන්න. (පෞද්ගලික සේවය මෙසේ පැහැර හැරිය නොහැකිය.). ජිවිතයට මිනිසෙකුට සේවයක් නොකරන, නිසි වෙලාවට වැඩකට නොඑන, රජයේ සේවය නීති පැහැර හැර තමන්ගේ පෞද්ගලික ඕනා එපාකම් ඉටුකරගන්න, රජයේ සේවය තම ආදායම් ඉපයීම සඳහා භාවිතා කරන්නෙක් වේද ඒ මේ දේශප්‍රේමී කාණ්ඩයයි.

  “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යනු ඊට ඇති හොඳම පිරුලයි !

රට දෙස බලන්න. බල පොරයකි. ඔබ මේ එකෙක් හරි යයි දැනටමත් හිතනවා ඇති.

මරන්නට කැමැත්තෙක් බලයෙන් පසුව කරන්නෙත් මැරීමයි. හොරකමට කැමැත්තෙක් බලයෙන් පසුව කරන්නෙත් හොරකමයි. සල්ලාලයෙක් බලයෙන් පසුව කරන්නෙත් සල්ලාලකමයි. දවල් මිගෙල් රෑ දනියෙල් චරිත හෙවත් බොරුව, කපටිකම, වංචාව පතුරුවන්නෙක් බලයෙන් පසුව කරන්නෙත් එම දේම පැතිරවීමයි. බේබද්දෙක් බලයෙන් පසුව කරන්නෙත් බේබදු කම ප්‍රචලිත කිරීමයි.

මරන්නට කැමැත්තා බලයෙන් පසුව නොමරයි කියා කිව හැකිද ?

හොරකමට කැමැත්තා බලයෙන් පසුව නොහොරෙක් වෙයිද?

ඉතිරියත් එසේ මයි.

ඉතින් බලයෙන් පසුව ඔබ උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ? රට ගොඩ දැමීමද ?

බලය නැතිවිට ත්‍යාග ශිලියෙක් බලයෙන් පසුවත් ත්‍යාගශීලි වීම පුදුමයක් නොවේ. මයිත්‍රීය පතුරන්නෙක්, දයාවන්තයෙක්, කරුනාවන්තයෙක්, අනුකම්පා කරන්නෙක් බලයෙන් පසුවත් එලෙසමය කියා උපකල්පනය කල හැකිය. බලය නැති විට නොමරන්නෙක්, නොහොරෙක්, අසල්ලාලයෙක්, සත්‍යවාදියෙක්, අමද්‍යපයෙක් බලය ඇති විට ඔහු යමක් කරයි කියා අඩු තරමින් විශ්වාසය වත් තැබිය හැකිය.

මේ 225 කවරකු හෝ තම “පෞද්ගලික ධනයෙන්” පැන්සලක් හෝ ළමයකුට පරිත්‍යාග කොට ඇත්ද ?

ජනතාවගේ මුදලින් සුර සැප විඳිමින්, සොච්චමකට කමින්, බොමින්, ප්රිතිවෙමින්, ජනයා සිනා සාගරේ ගිල්ලමින්, ඔවුන් ගොනාට අන්දවමින්, යාම්\ ඊම් \ කිම්\ කිරීම්\ සියල්ලම 225ම එකම ආකාරයට කරනා මේ 225  දෙනාගෙන් එකෙක් ගේ හෝ වෙනසක් වෙනසක් ලෙස ඔබ දැක තිබේද ?

තමා වෙනසක් කරනවා යයි කියනවා නම් ඔහු ඔහුගේ ජීවිතයේ යම් කලකදී එය තරමක හෝ කර පෙන්වුවකු විය යුතුය. ජිවිතයම නළුවකු වුවෙකුගෙන් නළුකමට එහා ගිය දෙයක් බලාපොරොත්තු විය හැකිද ?

ඉතින් වෙනසක් වන්නේ කෙසේද ?

ස්තුතියි !

කතෘ කොක්පිට් අන්තර් ජාල පුවත්පතෙහි ලේඛකයෙකි