සිරියාවේ අයි එස් ත‍්‍රස්තයන් 5000ක් සිටින සිරගෙයකට ත‍්‍රස්ත ප‍්‍රහාර : ඇමෙරිකානු ප‍්‍රහාරක යානාවලින් ත‍්‍රස්තයන්ට බෝම්බ දමයි

Spread the News

සිරියාවේ අල්සනා සිරගෙයට කඩාවැදුණු අයි එස් ත‍්‍රස්තවාදීහු බන්ධනාගාර නිලධාරීන් මරා දමා සිරගෙට ඇතුළු වී ඇත. මෙහිදී සිවිල් වැසියන් 5 ක් මරුමුවට පත් වී තිබේ. මෙම සිරගෙයි අයි එස් ත‍්‍රස්තයන් රඳවා තිබිණි.

ත‍්‍රස්තයන් රැුසක් පැනගොස් ඇති අතර සිරගේ අල්ලාගෙන සිටින අයි එස් ත‍්‍රස්තයන්ට එරෙහිව ඇමෙරිකාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබේ. හසාකේ නගරයේ පිහිටි මෙම සිරගෙය අල්ලා ගැනීම සඳහා 100 කට අධික ත‍්‍රස්තයන් ප‍්‍රහාර එල්ල කර ඇත. මෙහි 5000 කට අධික අයි එස් ත‍්‍රස්තයන් රඳවා තිබුණි. හසාකේ ආණ්ඩුකාර ගැසන් කලීල් පැවසූවේ සිවිල් වැසියන් 4000 ක්, සටන් ඇතිවීමත් සමගම පැන ගිය බවයි. මේ අතර අයි එස් ත‍්‍රස්තයන්ට එරෙහිව ඇමෙරිකානු සහාය මත කුර්දි සිරියානු සේනාංක හසාකේ වෙත පැමිණෙන බව වාර්තා වේ.

සංස්කරණය

කීර්ති වර්ණකුලසුරිය

Source