කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක්‌ එවලා

Spread the News

කීර්ති වර්ණකුලසූරිය

bomm111

කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත.

මෙම කම්හල වසරකට මාත‍්‍රා මිලියන 300 ක් නිපදවයි. මෙම අබිරිහස් පාර්සලය පිළිබඳ තොරතුරු ලැබීමත් සමගම එහි සේවකයන් හා අවට ප‍්‍රදේශවාසීන් ඉවත් කර ඇත. මෙකී බෝම්බ තර්ජනය නිසා පැය පහක් තිස්සේ කම්හලේ කටයුතු නතර වී තිබේ. සැක කටයුතු පාර්සලය ඉවතට ගෙන ගොස් නිෂ්කී‍්‍රය කර ඇත. මේ ගැන ව්‍යාපාරික ජෝන් රොබර්ට්ස් පැවසුවේ තමාට විශාල පිපිරීමක් ඇසුණු බවයි.