Fri. Jul 5th, 2024
Spread the News

Link:

ජාතික කොඩිය විකෘති කර ඇතැයි පවසමින් ඉකුත් පෙබරවාරියේදී කොළඹ නිදහස් චතුරස්‍රයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් “සිංහලේ“ කොඩි තොගයක් අද (15) ඒවායේ හිමිකරුවන්ට භාර දී තිබේ.

ඒ කුරුදුවත්ත පොලිස් සථානයේදීයි.

වත්මන් ජාතික කොඩියේ දැක්වෙන් කොළ, තැඹිලි තීරු දෙක රහිත මෙම “සිංහලේ“ කොඩිය ජාතික කොඩිය විකෘති කරමින් සැකසූ ජාතිවාදී කොඩියක් බවට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලකයන් විසින් චෝදනා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එලෙස සැකසූ කොඩි තොගයක් අත්අඩංගුවට ගැණිනි

කෙසේ වෙතත් ජාතික කොඩිය ලෙස නොව සිංහලේ කොඩිය ලෙස එය භාවිත කිරීම නීති විරෝධි නොවන බව ද පොලිසිය අද (15) පිළිගත් බව එම කොඩි තොගය භාර ගැනීමට පැමිණ සිටි ස්වර්ණ හංස පදනම පවසයි.