ත්‍රස්‌ත පනත අහෝසි කර නව ව්‍යවස්‌ථාවක්‌ ගේනවා – ශ්‍රී ලංකාව ජිනීවා හිදී කියයි

Spread the News

කීර්ති වර්ණකුලසූරිය

ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර ජාත්‍යන්තර සම්මුතිවලට එකඟ වන නව පනතක්‌ ගෙන එන බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමේ ක්‍රියාදාමය සිදුවන බවත් ශ්‍රී ලංකා රජය ඊයේ (17 දා) ජිනීවාහි විශ්ව කලානුරූපී සමුළුව හමුවේ දැනුම් දී ඇත.

පිටු 22 කින් යුත් වාර්තාවක්‌ එම සමුළුව වෙත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා රජය මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ බව දැනුම් දීමට පෙර නෝර්වේ ඇතුළු රටවල් රැසක්‌ ත්‍රස්‌ත මර්දන පනත වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මේ හැර උතුරේ ඉඩම් අක්‌කර 22000 ක්‌ නිදහස්‌ කර ඇති බවත් ඉතිරිය ද ක්‍රම ක්‍රමයෙන් නිදහස්‌ කරන බවත් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධව රටවල් 11 ක්‌ සිය නිර්දේශ ප්‍රකාශ කිරීමට නියමිතය.