උතුරේදී ඡන්ද නීති කැඩූ නෝර්වේ පුරවැසියා රිමාන්ඩ්

Spread the News

උතුරේදී ඡන්ද නීති කැඩූ
නෝර්වේ පුරවැසියා රිමාන්ඩ්

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත නෝර්වීජියානු පුරවැසියකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්‌තු 28 තෙක්‌ රිමාන්ඩ්භාරයට පත් කර ඇත.

නෙල්ලිඅඩි පොලිසිය අත්අඩංගුවට ගත් මොහු සේතුරූපන් නමැත්තකු බවත් සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි බවත් පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

විදේශිකයන්ට මෙරට මැතිවරණ කටයුතුවල යෙදීම තහනම් වුවත් මොහු ඒ බව නොතකා ඇතැයි එකී ආරංචි මාර්ග කියා සිටී. මොහු ගැන රහස්‌ පොලිසියට හා ත්‍රස්‌ත මර්දන පොලිසියට දැනුම් දී ඇතැයි නෙල්ලිඅඩි පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන අන්දමට උතුරේ අපේක්‍ෂකයකු වෙනුවෙන් මොහු මෙරටට පැමිණ සිටි බව වාර්තා වී ඇත.