Spread the News
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75?

2024 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ කවුරු ජනාධිපති වුවහොත් ද?

2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියම කර ඇති ජනාධිපතිවරණය සඳහා අද (2024.08.15) දින අපේක්ෂකයන් 39 දෙනෙකු නාම යෝජනා ලබා දුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එසේ නාමයෝජනා ලබා දුන් ජනාධිපති අපේක්ෂකයෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා, අනුර දිසානායක මහතා, විජයදාස රාජපක්ෂ මහතා, රොෂාන් රණසිංහ මහතා, නාමල් රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා යන මන්ත්‍රීවරු ඒ අතර වෙති.

දැනට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත පවතින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යනු ඇතැයි සිතීමට වැඩි ඉඩක් නැත්තේ දැනටමත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඔහුට කැමැත්ත/ සහාය දක්වන හෙයිනි.

එසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු වෙතද සහාය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
පැමිණිය හැකි වුවද එකී මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය සහ අවංකත්වය පිළිබඳ සැකයක් ජයගන්නා ජනාධිපතිවරයාට තිබිය හැකිය.

එවන් තත්ත්වයක් යටතේ  රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළහොත් ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට වැඩි ඉඩක් ඇත.

http://neethiyalk.blogspot.com/2024/08/2024.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394 (2024.08.15)