Spread the News

මේ නියඳගල ලෙන් විහාරයයි. වළගම්බා නිරිදුන් කරවුවක්. රජු සැගවිහුන් තැනක්. සතුරන් හා කළාවූ ද්වන්ධ සටනකට අවශ්‍ය සේනා සංවිධානය සහ පුහුණුවීම් කළා වූ තැනක්.

එදා වූ විරෝධාර මිනිසුන් නිතරම ආශ්‍රය කල තැනක්. වත්මනේ මාරුකොන, මල්ගමන්දෙනිය, මාවතුපොල, රිට්ටන්දෙනිය, ගුරලවෙල යන නම් වලින් හැදින්වෙන එම බිම් එකලා කල තැනක්. එදා හුන් මිනිසුන් තම වර්ගය, අනන්‍යතාවය, විශ්වීය සත්‍ය අභියෝගයට පත්කලා වූ මොහොතේදී එදා මෙහි උන් එය බේරාගැනීම වෙනුවෙන් තම ඉස්, ඇස්, මස්, ලේ පුජාකිරීමට සපථ කළා වූ බිමක්. අභියෝගයකදී පැනයාම යනු නිවටත්වයේ හිස්මුදුන බව දැනගත් ඔවුන් කල වීර වික්‍රමාන්විත සටනේදී ජයටැබ ලත් තැනක්. ජයටැඹ  මිසක් අන්‍යයක් වෙනුවෙන් ආපසු නොහැරුණු මිනිසුන් සිටි ඉසව්වක්. අද?    

– වෛද්‍ය ධම්මික විජේරත්න