Wed. Jul 3rd, 2024
Spread the News
Sirimawo Bandaranayaka

71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ පසු කලෙක ඇගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංගට උදව් කිරීමට ඉදිරිපත් වුණේ ඇයිද යන්න විමසා තිබූ කෙනෙකුට මා විසින් පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකරන්නට යෙදුනා.

50 හා 60 දශකයේ අමෙරිකාව ඉන්දියාවේ ප්‍රධාන පෙළේ හතුරෙක්.

බණ්ඩාරනායක පවුල ඉන්දියාවේ නේරු පවුල ලඟින් ඇසුරු කළා පමණක් නොව ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පවා සකස් කර ගත්තේ ඉන්දියාවේ අවවාද අනුශාසනා මතයි.

ලංකාව සෝවියට් දේශය සමග තානාපති සම්බන්ධකම් ඇතිකර ගැනීමත්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බ්‍රිතාන්‍ය රජයෙන් ආපසු ලබා ගෙන බටහිර බලවතුන් කිසිකෙනෙකුට ත්‍රිකුණාමල වරාය හෝ තෙල් ටැංකි භාවිතා කිරීමට ඉඩ නොදුන් වෛරය හා 1956දී සිදුවුන දේශපාලන පමණක් නොව සංස්කෘතික පෙරළියත් බටහිර දේශපාලන අධිකාරියට මෙන්ම ක්‍රිස්තියානි පල්ලි වලටත් අවාසි වෙන අන්දමට සිදුවීමේ තරහත් මුල් කොටගෙන බණ්ඩාරනායක මහතා ව මරා දැම්මා.

71 ඊනියා විප්ලවයේ එක් පරමාර්ථයක් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මරාදමා පලිගැනීමේ ඉතිරි කොටසත් සම්පූර්ණ කිරීමටයි.

චන්ද්‍රිකා කුමාරතුංග කුඩා කාලයේ සිටන්ම විශ්වාස කළේ ඇගේ පියාව මරා දැමුවේ බෞද්ධ භික්ෂූන්ගේ කුමන්ත්‍රණයක් නිසා කියායි.

ඝාතකයන්ට අවශ්‍ය කර තිබුණේත් බණ්ඩාරනායක පවුලේ දරුවන්ට භික්ෂු විරෝධී පමණක් නොව බෞද්ධ විරෝධී හැඟීමක්ද ඇති කිරීමටයි.

චන්ද්‍රිකා තුළ තිබුණු සිංහල බෞද්ධ විරෝධී ආකල්ප නිර්මාණය කිරීමේහිලා ක්‍රිස්තියානි සහ කතෝලික පූජකවරු මුල් වී ක්‍රියා කළා.
අපේ පැරණි වාමාංශිකයන් විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්ෂය දැරුවෙත් ඊට සමාන ආකල්ප.

ඇය විජය කුමාරතුංග සමග එකතුවී “වාමාංශික” දේශපාලනයක් ගොඩනැගීමට උත්සාහ කලත් ඒ වනවිට ඇය සිටියේ පල්ලියට කීකරු දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙසයි.

ඒ නිසා ඇයව බලයට පත්කිරීමට පල්ලිය උපරිමයෙන්ම දායකත්වය දුන්නා.

එහෙත් ඇතැම් අවස්ථාවලදී ඇයව මෙල්ල කිරීමට පල්ලියට අපහසු වුණා.
එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ඇයව මරන්න සූදානමින් සිටින බව හඟවා පල්ලිය විසින් උදව් කරන වෙනත් නායකයකුට බලය ලබාදීම සඳහා බෝම්බ පිපිරවීම කින් ඇයව මරා දමන්නට දකුණේ කුමන්ත්‍රණයක් දියත් වුණා.

චන්ද්‍රිකා විටෙක වාමාංශික මුහුණුවරක් පෙන්වමින් තවත් විටෙක බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට හිස නමින් යන්න ගිය දේශපාලන ගමන කෙළවර වන්නේ යන්තම් පණ නල රැක ගත්තත් ඇහැක් අහිමි වීමෙන්.

බණ්ඩාරනායක පවුලම වනසා දමන්නට දෙස් විදෙස් කුමන්ත්‍රණකාරී බලවේගවලට අවශ්‍යතාවය තිබුනත් චන්ද්‍රිකාව මරා දමන්නට හේතු භූත වූ සාධක බණ්ඩාරනායක මහතා ව හෝ මැතිණිය මරා දමන්නට බලපෑ සාධකම නොවන බව ලංකා දේශපාලනය මනාව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට හොඳින්ම පැහැදිලි වනු ඇත.

– එඩ්වර්ඩ් –

08.04.2023