Mon. Jul 8th, 2024
Spread the News

Source Lankadeepa:

සෞදි ආරාබියේදී එරට සෞදි ජාතිකයෙකු විසින් ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රියංකා ජයශංකර් නැමැති  42 හැවිරිදි ලාංකික කාන්තාවකි.ඇය සැකකාර සෞදි ජාතිකයාගේ නිවසේම සේවය කළ ගෘහසේවිකාවකි.

සෞදි ආරාබියාවේ බුරේඞ්හි පිහිටි ඝාතකයාගේ නිවසේ දී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. මෙම වෙඩි තැබීම සිදුකළේ යැයි පැවසේන සෞදි ජාතිකයා ලාංකික කත ඝාතනය කිරීමෙන් පසුව ඔහු ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා තිස් එැවිරිදි තරැුණයෙකු වන අතර ඔහු මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙකු බවට සෞදි පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඝාතනය ලක්වූ ලාංකික සේවිකාවගේ මළ සිරැර මේ වන විට එරට අල් රාස් ප්‍රෙද්ශයේ රෝහලක තැන්පත් කර තිබෙන් අතර පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර  විමර්ශන ආරම්භ කර ඇති බවද පැවසේ.

තිළිණි ද සිල්වා