Fri. Jul 5th, 2024
Spread the News

p11 1

කිලිනොච්චියේ කනකපුරම් ක්‍රීඩාංගණයේ ඊයේ (27 දා) සවස පැවති මහ විරු උළෙල සඳහා කනකපුරම් රජයේ විද්‍යාලයේ ඩෙස්‌, පුටු හා බංකු 300 ක්‌ ලබා දී තිබේ.

මේ දිනවල එම විදුහලේ වර්ෂාවසාන විභාග කටයුතු පැවැත්වෙන නමුත් එය ද නොතකා මෙම ඩෙස්‌, පුටු හා බංකු තොගය ලබාදී තිබේ. අවශ්‍ය වුවහොත් පාසලේ සියලුම ඩෙස්‌ පුටු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත ලබාදීමට කිළිනොච්චිය කනකපුරම් විදුහලේ විදුහල්පතිවරයා කැමැත්ත පළ කොට තිබේ.

එල්. ටී. ටී. ඊ. සොහොන් කොත්වල කැඩී ගිය කොටස්‌ එකතු කොට විශේෂ ස්‌මාරකයක්‌ කනකපුරම් ක්‍රීඩාංගණයේ සකසා ඇති අතර එය සරසා මහවිරු උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ එම ක්‍රීඩාංගණයේ සැරසිලි කටයුතු සිදු වන ආකාරයයි.

දිනසේන රතුගමගේ