Mon. Jul 8th, 2024
Spread the News

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌
‘අපට දාන පාට්‌ හැකිනම් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් දාන්න’

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අය හැකිනම් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදාවලට විරුද්ධව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (21දා) සවස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතාට අභියෝග කළේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2 වැනි වරටත් ඇමතූ රියර් අද්මිරාල්වරයා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා සින්ටෝ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාව මුළුමනින්ම බොරුවක්‌ බවට චෝදනා කරනු ලැබිණ.

දවස්‌ අටක්‌ තුළ ශ්‍රී ලංකාවේ සැරිසරලා ඇය කෙටුම්පත් කළ වාර්තාවේ සාවද්‍ය කරුණු දක්‌වා තිබෙනවා. යෑයි සරත් වීරසේකර මහතා පැවසීය.

මෙයට පෙර කිසිවකු හෝ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කර නැත.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවා බ්‍රිතාන්‍ය සෙබළුන් රකින බවත් මානව හිමිකම් නීතිරීති වෙනස්‌ කරන බවත් පවසා තිබෙනවා. එසේ නම් ඔබට බ්‍රිතාන්‍ය හමුදාවට යුද අපරාධ චෝදනා කරන ලෙස මා පවසනවා. යෑයි හෙතෙම කියා සිටියේය.