Fri. Jul 5th, 2024
Spread the News

සැඟවීමට කිසිවක්‌ නෑ
ජිනීවා වාර්තාව ගැන දින දෙකක විවාදයක්‌
අගමැති මැතිසබයේදී කියයි

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම 30 වැනිදා ජිනීවා වාර්තාව ඉදිරිපත් කළ පසු දෙදිනක පාර්ලිමේන්තු විවාදයක්‌ ලබාදීමට ආණ්‌ඩුව සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

යුද සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයා බැලීමට පසුගිය ආණ්‌ඩුව විසින් පත්කළ උදලාගම කොමිසමේ සහ පරණගම කොමිසමේ වාර්තා ද මෙම පාර්ලිමේන්තු විවාදයට පෙර සභාගත කිරීමට ආණ්‌ඩුව කටයුතු කරන බව අගමැතිවරයා කීවේය.

ජිනීවා වාර්තාව පිළිබඳව සැඟවීමට කිසිවක්‌ නැතැයි කී අගමැතිවරයා අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීම තහවුරු කිරීමට නම් පරිපාලනමය මෙන්ම අධිකරණමය ප්‍රතිසංස්‌කරණ හා නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීම ඇතුළු පියවර ගණනාවක්‌ අනුගමනය කළ යුතු බව ද කීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් පසුගියදා නිකුත් කළ වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සත්‍ය ගවේෂණය, සාධාරණය, හානිපූරණය සඳහා පමණක්‌ නොව අතීතයේ වූ අප්‍රසන්න සිදුවීම් යළි ඇතිවීම වැළැක්‌වීම සඳහා වන ස්‌වාධීන විශ්වාසදායක හා බලාත්මක යාන්ත්‍රණයක්‌ දේශීය වශයෙන් ඇති කිරීමට රජය අදහස්‌ කරන බවය.

“දකුණු අප්‍රිකාවෙ නිසි බලධාරීන්ගේ උපදේශ යටතේ සත්‍යය, යුක්‌තිය, ප්‍රතිසංවිධානය හා අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීම සඳහා කොමිසමක්‌ ඇතිකරන බව ද අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ විශේෂඥ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්වයන්ට අනුකූලව පවුල්වල දැනගැනීමේ අයිතිය යන මූලධර්ම මත පදනම්ව අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කටයුතු කරන කාර්යාලයක්‌” පාර්ලිමේන්තුව මගින් ස්‌ථාපනය කරන බව ද අගමැතිවරයා කීවේය.

 

_______________________________________________________________________

අපේ අදහස :

ඉතා කුමන්ත්‍රණ කාරිව අන්තර් ජාතිකව යටින් දිවයන බලවේගයක පැහැදිලි සෙවනැල්ලක් මෙම සෑම ක්‍රියාකාරිත්වයක් , එකමුතුව තුල ඇතිබව  යුතුය. සිංහල  බලවේගය වහා  ක්‍රියාත්මක විය යුතු කාලයකි.

රට දැය සමය රැකගැනීම කලයුතේ අපය… කාලකන්නින්ට රට ක්‍රමක් ක්‍රමයෙන් විනාශ කිරිමිට ඉඩ  නොතබන්න කෙටියෙන් කිවහොත් ක්‍රිස්තියානි අන්තවාදී සභා රාශියක අදහස් මල් පැල ගැනෙනා ආවස්තාවකට රට පෙරලි හමාරය .