Mon. Jul 8th, 2024
Spread the News


52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි?

2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය 17 දින සවස කොළඹ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.

ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන එනම් ඡන්ද 6,924,255 ක් ලබාජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් එනම් ඡන්ද 5,564,239 කි.

2019 නොවැම්බර් මස 16 පැවති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරා ගත්තද 2022 මැයි මාසයේදී ඔහුට ජනාධිපති ධූරය අත්හැරීමට සිඳුවිය. මාස 60ක් ජනාධිපති ධූරද දැරීමට හැකියාව තිබුණද මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට ඔහුට සිඳුවිය.

2019 නොවැම්බර් පවති ජනාධිපතිවරණයෙන් 52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? යන්න පිළිබඳ සාකච්ඡාවකට මෙම කෙටි ලිපිය අදහස් කරයි.

සිංහල ජනතාවගේ බහුතරයක් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තද ඔහු ඒ තමන්ට ඡන්දය දුන් සිංහල ජනතාවට සිංහලෙන් නීතිය ඉගෙනීමට සහ සිංහලෙන් නීති විභාගවලට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පළ කිරීමට අධිකරණ ඇමති අලි සබ්‍රිට සහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට ඉඩ දුන්නේය. සිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ සිංහල ජනතාවගේ නෛතික ආරක්ෂාව අහිමි කිරීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. ( මෙම ගැසට් පත්‍රය ප්‍රතික්ෂේප කරමින් 2023.03.21 පාර්ලිමේන්තුව විසින් එකී වරද නිවැරදි කළේය)

ෆාස්කු ප්‍රහාරය, මහ බැංකු බැදුම්කර ගණුදෙනු ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විධිමත් ක්‍රියා මාර්ග නොගැනීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය.

රටේ දේශීය නිෂ්පාදන ආර්ථිකය සහ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට සඵල ක්‍රියා මාර්ග නොගැනීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේය කියා බලය ගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එය ඉටු නොකර ජාතික ආණ්ඩු වැනි විධිවිධාන රඳවා ගැනීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සීමා පෙර තත්ත්වයට නොගෙනීම ගැනත් 2002 දි ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් විනිසුරුවරු හත් දෙනාගේ තීරණය නොතකා 2015 දී නැවත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ වැරැද්ද නිවැරදි නොකිරීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය.


ඉහත කාරණා අධ්‍යයනය කිරීමේදී 52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? යන ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැත හැකිය.

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි?

http://neethiyalk.blogspot.com/2023/05/5225-60-30.html?m=1

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
Show quoted text