Mon. Jul 8th, 2024
Spread the News

2031 වනතුරු සාක්‍ෂිකරුවන් හෙළිකරන්නේ නෑ
ජිනීවා වාර්තාව නීති විරෝධීයි!

කීර්ති වර්ණකුලසූරිය

2031 වසර තෙක්‌ සාක්‌ෂිකරුවන් හෙළිකරන්නේ නැතිව ප්‍රකාශයට පත්වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව නීති විරෝධී ක්‍රියාදාමයක්‌ යෑයි අනාවරණය වී ඇත.

මෙම සාක්‌කිකරුවන්ගෙන් සියයට අසූවක්‌ම විදේශිකයෝ වෙති.

යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව කෙටුම්පත් කළ පරීක්‍ෂණ මණ්‌ඩලය හා සාක්‌කිකරුවන් බොරුකාරයන්ද නැත්නම් ඇත්ත කියන්නේද යන්න තීරණය කළ විමර්ශන කණ්‌ඩායම කවුදැයි පවා හෙළිකිරීමද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් තහනම් කර ඇත.

මෙම පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ වන්නි මෙහෙයුම සියෑසින් නුදුටු නෝර්වේ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම්, චැනල් ෙµda අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ, බී. බි. සී. හිටපු වාර්තාකාරිනී ප්‍රැන්සස්‌ හැටියන්, හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරීනී යස්‌මිත් සුනාද සාක්‌ෂි දී තිබේ.

යුqද අපරාධ පරීක්‍ෂණයට සහභාගි වූ සාක්‌ෂිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමටද ශ්‍රී ලංකා රජයට අවස්‌ථාවක්‌ දී නැත.

එසේම කොටින්ට එරෙහි යුද අපරාධ සාක්‌ෂි දීම ද පරීක්‍ෂණ මණ්‌ඩලය පිළිගෙන නැත.