Mon. Jul 1st, 2024
20240622 201121
Spread the News

2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරිය හැකියි…!

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් (2024 අංක 8) දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත් අතර එහි 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත.

එකී 15වන වගන්තිය මෙසේය.
වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර,
ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ ඒ වෙනත් නීතියේ විධිවිධාන අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට, මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතුය.

15. The provisions of this Act shall have effect notwithstanding anything to the contrary contained in any other written law, and accordingly, in the event of any
inconsistency between the provisions of this Act and such
other law, the provisions of this Act shall prevail.

එකී 15 වගන්තිය අනුව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත, සාක්ෂි ආඥා පනත, 1978 අංක 2අධිකරණ සංවිධාන පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙක් සියලු නීති යටපත් කිරීමට 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතට හැකියාව ලබා දී ඇත.

ඒ අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළදී  අධිකරණයට අපහාස කරන ආකාරයේ, විභාගවන නඩුවකට බාධාවන ආකාරයේ හැසිරීමක්, ප්‍රකාශයක් කරන්නේ නම් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත යටතේ නිසි අධිකරණයේ නඩු පවරා දඬුවම් කළ හැකිය.

එනම් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ආරක්ෂාව ලබා ගත නොහැකිය.

එසේම 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත කියවිය යුත්තේ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතට යටත්වය.

http://neethiyalk.blogspot.com/2024/06/2024-8-15.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.22)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *