Wed. Jul 3rd, 2024
Law Anura Unawatuna
Spread the News

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?

2002 දීත්, 2015 දීත් “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත” නමින් සමාන දීර්ඝ නාමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගෙනා බවත් ඒ 2ටම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2ක් ඇති බවත් බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. නමුත් එසේ පනත් කෙටුම්පත් 2ක් පැමිණි අතර 2015 දී සිදුවූයේ එවර ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව පාර්ලිමේන්තු මන්ත්‍රී 2/3 කට වැඩි සංඛ්‍යාවකින් සම්මත වීම පමණි.

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ විධිවිධානද 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබුණු අතර, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ විනිසුරු 7දෙනාගේ තීරණය වෙනස් කිරීමට
2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විභාග කළ විනිසුරුවරුන් 3 දෙනා කටයුතු නොකළ අතර ඒ හේතුවෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් එකී විධිවිධාන නීතියක් වන්නේ  2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ විනිසුරු 7දෙනාගේ තීරණය අනුව ය.

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පාර්ලිමේන්තුව විසුරුවීමේ සීමාව වැඩි කිරීමට ජනමතවිචාරණයක් නියම කර තිබූ නමුත්, 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තුව විසුරුවීමේ සීමාව වැඩි කිරීමට විධිවිධාන තිබුණත් එයට මේ දක්වා ජනමතවිචාරණයක් පවත්වා නැත. ඒ අනුව 2015 දී සම්මත කරගෙන නීතියක් ලෙස පවතිනවාය කියන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සත්‍ය වශයෙන්ම පවතින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී 2/3 කට වැඩි සංඛ්‍යාවකින් සම්මත වී ජනමතවිචාරණයකට යායුතු මට්ටමේ පනත් කෙටුම්පතක තත්ත්වයේ පමණි.

එනම් 2015 දී සම්මත කරගෙන නීතියක් ලෙස පවතිනවාය කියන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ දක්වා නීතියක් බවට පත් වී නැති අතර ඒ අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් වන බව කිව හැකිය. එය වසර 5ක් වන්නේ 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් තබා ජනතාව අනුමැතිය ලබා දුනහොත් පමණි.

ඒ අනුව 2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක්ම බව කිව හැකිය.

(මේ නීති තර්කය පහසුවෙන් තේරුම් ගැනීමට 2002 දී සහ 2015 දී දෙවරක් ගෙනා 19 ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2 අධ්‍යයනය කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්
https://www.parliament.lk/si/business-of-parliament/sc-decisions-on-bills
බාගත කර ගත හැකිය)

http://neethiyalk.blogspot.com/2024/06/2002-19-2015-19-6.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.06.10)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *