Fri. Jul 5th, 2024
P. H. William De SilvaMember of the Ceylon Parliament for Ambalangoda-Balapitiya
Spread the News

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පඤ්ච මහා බල ඇණි මගින් දේශපාලන බලය ලබා ගත් එස්. ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍ය ධූරය ඇති කිරීමත් එම අමාත්‍යංශය ස්ථාපිත කිරීමත් දෛවෝපගත සිදුවීම් ය. මෙම පස් මහ බලයෙහි සඟ බලය නම් තථාගත සම්බුදු රදුනගේ ශාසන පරම්පරාවේ විනයානුකූලව පැවිදි උපසපන් ලත් භික්ෂූන් වහ්න්සේලා ය. සම්බුද්ධ ශසනයේ ශීල ශික්ෂාවෙහි පළමු සිකපදය සමඟ ධීවර කර්මාන්තය සෘජුව ම සම්බන්ධිත ය.
එය ගිහි පැවිදි බේදයක් නැත.

1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ කර්මාන්ත සහ ධීවර අමාත්‍යධූරය ඇති ධීවට කටයුතු රජය මගින් නියාමනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ආර්ම්භ කෙරෙණි.

කොටින් ම දැන් මේ වන විට කොතරම් දියුණු තත්වයකට පත් වී ඇද්දැයි කිවහොත් ඇස්තමේන්තු ගත ධීවර කර්මාන්තයේ නියැලෙන් පිරිස ලක්ෂ තිහක් හෙවත් මිලියන 3 ක් පමණ ඇත. එය සමස්ත ජනග්‍රහනයෙන් 13.6% පමණ වනවා ඈත. රටේ (ජනග්‍රණය මිලියන 22 පමණයයැයි ඇස්තමේන්තු අනුව)

(Central Bank of Sri Lanka
https://www.cbsl.gov.lk › filesPDF
2022 ඡනචාරි – මාර්තු
ජනගහනය (2021 ඇස්තමේන්තු). 213,445,417. ජනගහන වර්ධන … (ජනගහනය දහසකට). මරණ අනුපාතය (2022 ඇස්තමේන්තු).)

මේ ධීවර පජාව මේ තැනට වර්ධනය වී ඇත්තේ ක්‍රම ක්‍රමයෙනි. මිලියන 3 ක ධීවර ප්‍රජාව සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන වර්ග ප්‍රධාන වේ. ඒ ජනවර්ග අතර බොද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් ආගම් අදහන්නෝ මූලික වෙත්. එයිනුත් බෞද්ධාගම්කාර කුල පවතින සෑම ගමකම බද්ධ සිද්ධස්ථානයක් නොපවතීන එසේ ඇත්තේ ඉතා කලාතුරකින් ය. මිලියන් තුනක ජනග්‍රහණයක් මෙරට ධීවර ප්‍රජාව ඇති වීම ලක් මාතාවට කොතරම් ආඩම්බරකමක් ද?

1959 මැයි 18 දින සිට දින 130 ක් ගිය තැන 1959. සැප්තැම්බර් 25 දින එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හිටපු ආග්‍රාමාත්‍යවරයා සහාසිකයෙකුගේ වෙඩි පහරකට ලවීමත් 1959.සැප්තැම්බර් 26 දින ජීවිතක්ෂයට පත් වීමත් සිදු වේ.
හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යදූරයකින් සහ අමාත්‍යංශයකින් දිරි දීමෙන්, පසු කාලයේ 1964 වසරේදී ලංකා ධීවර සංස්ථාව ඇති වීමත් අද වන විට් මිලියන 3 ක් දක්වා ධීවර ප්‍රජාව වැඩී ඇත. අද හිටපු අග්‍රාමත්‍යවරයා ජීවතුන් අතර සිටියා නම් ධීවර ප්‍රජාවගේ මෙකී වර්ධනය සහ ඒ ක්ෂේත්‍රය ලංකා භූමියේ දියත් වී ඇති ප්‍රමාණය දැක බෙහෙවින් සතුටු වනවා ඇත.
මෙය දීර්ඝ කායලක් ප්‍රතිවිපාක ද ලැබෙනු ඇත.

එස්. ඩබ්. ආර්. ඩී. බණඩාරනායක හිටපු අග්‍රාමාතයවරයා බලයට ගෙන ඒමට ක්‍රියා කළ පඤ්ච මහා බලය අතර සඟ බල පිරිස වශයෙන් ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා ඇතර මහ යතිවර භික්ෂූන් වහන්සේලා ද වැඩ විසූහ. සිංහල බෞද්ධ මහ සභාව මගින් දේශපාලනයට ආ බණ්ඩාරනායක හිටපු ආග්‍රාමාත්‍යවරයා පසුව බොහෝ භික්ෂූන් වහන්සේලාගෙන් “සඟ බලය” බල ගැන්විනි. (මේ පිළිබඳ පැහැදිළි විස්තර විවරණයක් රාජකීය පණ්ඩිත පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ නාහිමියන්ගේ “හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා” යන ගතින් දැන ගත හැක්කේ ය.)

පඤ්ච මහා බලයෙහි සඟ බලය සම්බුද්ධ ශාසනය නියෝජනය කිරීම සමඟම තථාගත බුදු රදුන් විසින් වදාරණ ලද වණිජ්ජා සූත්‍රය ද සකල බෞද්ධ ජනතාවට අමතක කළ නොහැක. අඞගුත්තර නිකායේ ඤ්චක නිපාතයෙහි චතුත්ථ පණ්ණාසකයෙහි උපාසක වර්ගයෙහි සම්බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පඤ‍්චිමා භික‍්ඛවෙ, වණිජ‍්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ‍්ච:

සත්‍ථවණිජ‍්ජා, සත‍්තවණිජ‍්ජා, මංසවණිජ‍්ජා, මජ‍්ජවණිජ‍්ජා, විසවණිජ‍්ජා.

ඉමා ඛො භික‍්ඛවෙ, පඤ‍්ච වණිජ‍්ජා උපාසකෙන අකරණීයාති”

මෙහි සිංහල තේරුම නම්

“මහණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙළෙදාම් පසෙකි. කවර පසෙකින් යත්:

ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මත් ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.

මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙළෙදාම් පස යි.” යනු යි.

පහත සියල්ල ලංකා ධීවර සංස්ථා (ලංකා ධීවර වරාය සංස්ථාවේ) වෙබ් පිටුවෙන් ගන්නා ලද තොරතුරු බව සැලකුව මනා ය.

සංස්ථාවේ ඉතිහාසය

1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ 1964 වසරේදී ලංකා ධීවර සංස්ථාව ස්ථාපනය කරන ලද අතර එය සිය වාණිජ මෙහෙයුම් ආරම්භ කරනු ලැබූයේ 1965 වසරේදීය. ආරම්භයේදී, සංස්ථාවේ අරමුණු සමස්ත ධීවර අංශ ආවරණය කරන ලදී. 1964 ඔක්තෝබර් 01 වන දින අංක 14186 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ සංස්ථා‍වේ අරමුණු කවරේද යන්න දක්වා ඇති අතර ඒවා පහත දැක්වේ.

ගැඹුරු මුහුදේ ධීවර මෙහෙයුම් සඳහා ට්‍රෝලර් යාත්‍රා භාවිතා කරමින් සංස්ථාව සෘජුවම හෝ තම බලයලත් නියෝජිතයන් හරහා මත්ස්‍ය නිෂ්පාදනයේ නියැළිය යුතුය.

සංස්ථාව සෘජුවම හෝ තම බලයලත් නියෝජිතයන් හරහා මත්ස්‍ය පිරිසැකසුමේ ( ටින් කිරීම සහ වියළීම. පිරිසැකසීම) සහ මත්ස්‍ය අතුරු නිෂ්පාදන නිපදවීමේ නියැළිය යුතුය .

සංස්ථාව සෘජුවම හෝ තම බලයලත් නියෝජිතයන් හරහා තොග හා සිල්ලර පදනමින් මසුන් බෙදා හැරීමේ හා විකිණීමේ නිරත විය යුතුය.

ධීවර වරාය, ශීත ගබඩා සහිත නැංගුරම් ‍පොළ ඉදිකිරීම හා නඩත්තුව

ධීවර කර්මාන්තය සඳහා ධීවර ආම්පන්න හා අවශ්‍ය උපකරණ ආනයනය හා විකිණීම

ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමේ කාර්යය වෙනුවෙන් ධීවර දෙපාර්තමේන්තුව හෝ වෙනත් යම් රජයේ දෙපාර්තමේන්තු සඳහා හෝ වෙනුවෙන් සංස්ථාව කටයුතු කළ යුතුය.

ධීවර කර්මාන්තය සඳහා බෝට්ටු හා කුඩා නැව් තැනීම.

ධීවර බෝට්ටු අළුත්වැඩියාව හා නඩත්තුව සඳහා පහසුකම් සැපයීම.

ධීවර උපකරණ නිෂ්පාදනය හා අලෙවිය: ලංකා ධීවර සංස්ථාව රජයට පූර්ණ හිමිකාරිත්වය සහිත ව්‍යවස්ථාපිත ආයතනයක් වන අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ධීවර කර්මාන්තය පිළිබඳ අග්‍රස්ථ ආයතනය වේ.

වර්තමාන තත්වය – වත්මන් ක්‍රියාකාරකම්

ලංකා ධීවර සංස්ථාව වත්මනෙහි ඉටුකරනු ලබන ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම් පහත දැක්වේ.

අපගේ ප්‍රාදේශීය කාර්යාල හරහා ධීවරයන්ගෙන් සෘජුවම මසුන් මිලදී ගැනීම.

මත්ස්‍ය ආනයනය

අපගේ සිල්ලර වෙළඳසල් හරහා මාළු බෙදාහැරීම හා පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට මසුන් විකිණීම

පාරිභෝගිකයන්ගේ ජීවන වියදම අඩුකිරීම පිණිස ලක් සතොස, කෝප් සිටි අලෙවිහල් වැනි රාජ්‍ය ආයතන හරහා පැකට් කරන ලද මාළු විකිණීම.

සියලු රජයේ රෝහල් සඳහා මාළු සැපයීම

ග්‍රාමීය ප්‍රදේශවල ජංගම මත්ස්‍ය විකිණීම් සිදුකිරීම.

ජනාකීර්ණ නගරවල ‘ෆිෂ් මේලා’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන හරහා විකිණීම් සිදුකිරීම.

කටු රහිත මාළු පෙති නිෂ්පාදනය හා අලෙවිය

ධීවර අංශය හා අනෙකුත් වෙළෙන්ඳන්ට ශීතාගාර පහසුකම් සැපයීම

විදේශීය ධීවර යාත්‍රාවලට පිරිසැකසුම් පහසුකම් සැපයීම.

විදේශීය ධීවර යාත්‍රාවලින් මාළු මිලයට ගැනීම.

මිනිස්සුත් අහනවා
ලංකාවේ ධීවරයින් කී දෙනෙක් ඉන්නවාද?

ඇස්තමේන්තු කර ඇති පරිදි ශ්‍රී ලාංකිකයින් මිලියන 3 ක් ධීවර හා ජලජීවී වගාවේ නිරත වන අතර, රටේ සත්ව ප්‍රෝටීන් වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් සපයයි. මාළු ද ප්‍රධාන අපනයනයක් වන අතර වාණිජ ධීවර කර්මාන්තය 2021 දී ඩොලර් මිලියන 287 ක ඇස්තමේන්තුගත ආදායමක් උපයා ගනී.

ශ්‍රී ලංකාවට ධීවර කර්මාන්තය වැදගත් වන්නේ ඇයි?

ශ්‍රී ලාංකිකයන්ගේ සත්ව ප්‍රෝටීන් පරිභෝජනයෙන් 50%ක් පමණ මාළුවලින් සමන්විත වන අතර එය ගෝලීය සාමාන්‍යයට වඩා තුන් ගුණයකින් වැඩිය. මේ අනුව, අඛණ්ඩ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සඳහා සහ නව රැකියා සහ අපනයන සඳහා අවස්ථා ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ තිරසාර කළමනාකරණය අත්‍යවශ්‍ය වේ. 2021 දෙසැම්බර් 7

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ වත්මන් තත්ත්වය කුමක්ද?

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර ධීවර ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය. 2020 දී මත්ස්‍ය ඇල්ලීම සියයට 20 කින් අඩු වූ අතර අපනයන සියයට 26 කින් පහත වැටුණි. ජාතික මසුන් දේශීය ඉල්ලුමට ප්‍රමාණවත් නොවන අතර ආනයනය මගින් එය සම්පූර්ණ කළ යුතුය. 2020 දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 218 ක් වටිනා මාළු ආනයනය කර ඇත. මාර්තු 3, 2022

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු මොනවාද?

රටේ ආර්ථිකයට සහ රැකියා සඳහා අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන ශ්‍රී ලංකා ධීවර කර්මාන්තය, අධික ලෙස මසුන් ඇල්ලීම, දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය ඇතුළු තීරණාත්මක අභියෝගවලට මුහුණ දෙයි. 2023 ජූනි 17

(ලියුම්කරු විසිනි -අධ්‍යාත්මක ගැටළු කිසිවක් සාකච්ඡාවට බදුන් නොකරයි.)

චීනය
මේ වන විට විශාලතම මත්ස්‍ය නිෂ්පාදනය ඇති රට චීනය වන අතර එය 2021 දී ලොවට මත්ස්‍ය මෙට්‍රික් ටොන් මිලියන 86 කට ආසන්න ප්‍රමාණයක් සැපයූ අතර එය ගෝලීය සැපයුමෙන් 40% ක් පමණ වේ. චීනයේ ධීවර යාත්‍රා ආජන්ටිනාව තරම් ඈත නිවසින් මසුන් ඇල්ලීම සොයා ගත හැකිය – සමහර විට නීති විරෝධී ලෙස – ඉල්ලුමට සරිලන සේ. 2023 නොවැම්බර් 17

……………………………………………
අපගේ දැක්ම

කලාපීය සමුද්‍ර ව්‍යවසායයේ ප්‍රමුඛතම පහසුකම් සපයන්නා බවට පත්වීමට වෙර දරන අතරම ධීවර කර්මාන්තයේ මූලික සම්පත වීම සහ දේශීය ධීවර ප්‍රජාවගේ ආශ්වාදයක් වීම.

අපේ මෙහෙයුම

නවතම ප්රවෘත්ති

කුලියට ස්වයංක්‍රීය ඩ්‍රෙජර් යන්ත්‍ර

ලංකා ධීවර වරාය සංස්ථාව 2024 වර්ෂය සඳහා රාජකාරී ආරම්භ කිරීම

2023 දෙසැම්බර් 21 වන දින ධීවර වරාය සංස්ථාවේ නත්තල් කැරොල් ප්‍රසංගය

2023 දෙසැම්බර් 19 වන දින මයිලිඩ්ඩි ධීවර වරායේ ධීවර දින සැමරුම

2023 දෙසැම්බර් 18 වැනි දින ප්‍රීතිපුර ළමා නිවාසයට පුණ්‍යකර්මයක් සිදු කිරීම

ශ්‍රී ලංකා ඩෙස්ක් කැලැන්ඩරය 2024 සිංහල කැලැන්ඩරය දෙමළ කැලැන්ඩරය ඉංග්‍රීසි කැලැන්ඩරය

වෙසක් උත්සවය නිමිත්තෙන් ලංකා ධීවර වරාය සංස්ථාවේ බෞද්ධ සමාජය විසින් සංවිධානය කරන ලද වෙසක් බති ගී ප්‍රසංගය 2023.05.04 දින ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සෝබාධනවි ලිමිටඩ් විසින් දික්කෝවිට දකුණු පර්යන්තයේ ගොඩබෑම සහ ප්‍රවාහන මෙහෙයුම් සිදු කරන ලදී.

2023.01.27 දින පැවති ධීවර වරාය සංස්ථාවේ විශ්‍රාමික සේවකයින් සඳහා උපහාර උත්සවය

ලංකා ධීවර වරාය සංස්ථාවේ පොංගල් උත්සවය සැමරීම

ධීවර ප්‍රජාවට සියලු නවීන පහසුකම් සැපයීම සඳහා යටිතල පහසුකම් සඳහා සහය වීමත් සමඟ උසස් තත්ත්වයේ ධීවර වරාය ආශ්‍රිත සේවාවන් සැපයීම සහ වාණිජමය වශයෙන් ශක්‍ය ව්‍යාපාර තුළින් වරායන් වැඩිදියුණු කිරීම තුළින් ස්වයං තිරසාරභාවය ළඟා කර ගැනීම.

ධීවර වරාය තොරතුරු ටෙන්ඩර් සබැඳි
කුලියට ස්වයංක්‍රීය ඩ්‍රෙජර් යන්ත්‍ර

වරාය පහසුකම් පිළිබඳ සාරාංශය

“ධීවර ගුවන් විදුලියට” අන්තර්ජාලයෙන් සවන් දෙන්න

ආරියතිලක
2024.03. 27

More Information: https://en.wikipedia.org/wiki/Ministry_of_Fisheries_(Sri_Lanka)