Spread the News

19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්දය දෙයිද?

චමින්ද ලෙනව නම් අයෙක්ද,
මෙම ලියුම්කරුද 2015 වර්ෂයේ ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරා සහන අයද තිබුණ අතර එම නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රු. ලක්ෂයක සහ රු. ලක්ෂ 5ක  විශාල නඩු ගාස්තුවලට යටත් කර එක් දිනකදීම ප්‍රතික්ෂේප කරන ලදී.

එවන් අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට 2024 ජූලි 19 දින සහභාගී වෙමින් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් සහ ජනතාව ඉදිරියේ ප්‍රකාශයක් කරමින් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අලුත් සමාජ කතිකාවක් ආරම්භ කළ අතර, එහි පවතින දෝෂයක් ගැන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාවද ඉල්ලා සිටියේය.

2015 වසරේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද, එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.

(ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා එය ප්‍රතික්ෂේප කර තිබූ අතර, ජනමතවිචාරණයක් අවශ්‍ය වන සංශෝධන 2015 වසරේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොකළ බවටද අදහස් දක්වා තිබුණි)

ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින වැරැද්දට ජනතාවගෙන් සමාව ගත්තා පමණක් නොව එය නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කිරීමටද පියවර ගත්තේය.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 83.ආ. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම එනම් ජනාධිපති / පාර්ලිමේන්තු  ධූර කාලය වසර 6 ඉක්මවා වෙනුවට වසර 5 ඉක්මවා ලෙස සංශෝධනය කිරීමට  ගෙනවිත් ඇත.

2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින වැරැද්දට ජනතාවගෙන් සමාව ගෙන එය නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කළද මේ දක්වා එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවීමට ක්‍රියා කර නැත.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී තිබියදී ජනාධිපති ධූරය බාරගෙන ඊට සාර්ථකව මුහුණ දෙමින් සිටින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින වැරැද්ද නිවැරදි කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනයට මෙන්ම ඔහුගේ සෘජු සහ අවංක නායකයෙකු ලෙස වන පුද්ගලික භාවිතයද ජනතාවට දැන ගැනීමට සළස්වයි.

එවන් සමාජ, ආර්ථික සහ නෛතික පරිසරයක 19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකදී ඡන්දය දෙයිද යන්න සැක සහිතය.

http://neethiyalk.blogspot.com/2024/08/19-22.html?m=1

ආශ්‍රිත මූලාශ්‍ර –

1. ජනාධිපති මාධ්‍ය අංශ වෙබ් අඩවිය (2024.07.19)
https://pmd.gov.lk/si/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80-%E0%B6%A2%E0%B6%B1-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99/

2. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත
http://documents.gov.lk/si/bills.php

3.https://divaina.lk/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD/

4. ජනාධිපති සමාව ගත් සිද්ධිය පිළිබඳ ජයම්පති දුන් පිළිතුර
https://sinhala.adaderana.lk/news/199012

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.08.12)

On Tue, 13 Aug 2024, 18:10 Aruna Unawatuna, <arunaunawatuna@gmail.com> wrote: