Fri. Jul 5th, 2024
Spread the News

13 රකින්න ඉන්දීය දූත පිරිසක්‌!
ජනපති සහ ආරක්ක ලේකම් සමගත් සාකච්ඡාවක්‌

කීර්ති වර්ණකුලසූරිය
source:
උතුරේ පළාත් සභා මැතිවරණය සහ ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13 වැනි සංශෝධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සමග සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විරුද්ධ පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රබලයකු වන රවි ශන්කර් ප්‍රසාද් ඇතුළු හය දෙනකුගෙන් යුත් දූත කණ්‌ඩායමක්‌ පස්‌ දින සංචාරයක්‌ සඳහා ජුනි 4 දා මෙරටට පැමිණේ.

මෙම ඉන්දීය දූත කණ්‌ඩායමට ඉන්දීය ජාතිකත්වය ගැන හඬ නගන ෂිව්සේනා සහ ආර්. එස්‌. එස්‌. නමැති සංවිධානවල හිටපු ක්‍රියාකාරීහු දෙදෙනකු ද ඇතුළත් වේ.

මේ ඉන්දීය දූත කණ්‌ඩායමේ සංචාරය “දිවයින ඉරිදා සංග්‍රහය”ට විශේෂයෙන් අනාවරණය කිරීමට හැකි වී ඇත.

මෙකී කණ්‌ඩායම ජුනි 7 දා සවස 4.30 සිට රාත්‍රි 7 දක්‌වා කොළඹදී රජයේ නියෝජිත කණ්‌ඩායමක්‌ සමග සාකච්ඡා පවත්වන බව ඉන්දු ශ්‍රී ලංකා ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පස්‌ දෙනෙක්‌, ප්‍රධාන බුද්ධි නිලධාරියෙක්‌, උගත් පාඩම් කොමිසමේ නිලධාරියෙක්‌, විදේශ කටයුතු සහ ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීහු සිව් දෙනෙක්‌ ඇතුළු පහළොස්‌ දෙනෙක්‌ සහභාගි වේ.

ඉන්දීය දූත කණ්‌ඩායමට රවි ශංකර් ප්‍රසාද්, ෂිව්සේනා සංවිධානයේ හිටපු ක්‍රියාකාරිකයකු වන සුරේශ් ප්‍රභූ, ඉන්දීය මාධ්‍යවේදී ස්‌වපාරන් දාස්‌ ගුප්තා, හිටපු විදේශ කටයුතු නිලධාරියකු වන විවේක්‌ කට්‌ජු, ආර්.එස්‌.එස්‌. සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ රාම් මද්හාව් සහ නවදිල්ලි ශිෂ්‍ය සංගමයේ හිටපු ක්‍රියාකාරිනියක්‌ වූ මොනිකා අරෝරා අයත් වේ.

මෙකී ඉන්දු ලංකා ඉහළ පෙළේ සාකච්ඡාවට විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරු සම්බන්ධ වී නැතත් රවුµa හකීම් හා ඩග්ලස්‌ දේවානන්ද යන ඇමැතිවරු දායක වී ඇත.

ලබන වසරේ (2014) පැවැත්වෙන ඉන්දීය මැතිවරණයට පෙර භාරතීය ජනතා පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකා රජය සමග පවත්වන මුල්ම සාකච්ඡාව මෙයයි.