Fri. Jul 5th, 2024
Spread the News
Rohana Wijeweera

එන්.පි.පි වලින් නාමයෝජනා ලබා ලබන මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසනයක් තරග කිරීමට සහ සමහරවිට සමහරවිට අනාගත ආණ්ඩුවක ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින බටහිර රටක ජීවත් වෙන උගත් කාන්තාවක් මාලිමාවේ ඇති ආනුභාසම්පන්න බලය ගැන කියාදෙන්න කළ උත්සාහයකට මා දුන් ප්‍රතිචාරය හැමගේම දැනගැනීම සඳහා මෙසේ පළ කරන්නෙමි.

ලංකාවේ ඉන්න සාමාන්‍ය කෙනෙකුට වඩා අධ්‍යාපන දැනුමක් ඇති දියුණු රටක ජීවත්වන ඔබ වැන්නකුගේ බොළඳ තර්ක නිසා කියා මම ඔබ සමග උරණ වන්නේ නැහැ.

මා ඔබට පිළිතුරු දෙන්නේ ඔබව දැනුවත් කිරීමට නොව මෙම මණ්ඩපයේ සිටින අනිත් අයට වත් කියවා තේරුම් ගැනීමට අවස්ථාවක් ලබා දීමටයි.

ජවිපෙ කියන්නේ පක්ෂයක නමක්. NPP කියන්නේ ජවිපෙ නමට මිනිසුන්ගෙන් එල්ල වන දැඩි විවේචන වලින් බේරීම සඳහා බැඳගත් වෙස්මූණක් පමණයි.

1968 දී රෝහණ විජේවීර මා සොයා පැමිණුන අවධියේ ඔබ සමහරවිට ඉපදිලා වත් නැතුව ඇති.
විජේවීරගේ විප්ලවීය ක්‍රියාමාර්ගය වැරදි බව මම එදා කියා දෙන විට ඔහු මා සමග උරණ වුණේ නෑ.

අපගේ මිත්‍රත්වය අඛණ්ඩව පැවති බවට හොඳම උදාහරණය 1978 වර්ෂයේ මැද භාගයේ කියුබාවෙ Havana හී පැවැති ලෝක තරුණ සම්මේලනයට සහභාගි වී ආපසු ලංකාව බලා යමින් සිටියදී මා බැහැදැක කතා කර යෑමට බර්ලිනයේ මා වාසය කළ නිවසට පැමිණ ඔහුගේ අනාගත වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමයි. සමාජ
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ දේශපාලනය කරන්නේ නම්, ජර්මනියේ සිටින මගේ මිතුරන් ගෙන් පවා ආධාර ලබා දිය හැකි බව මම එදා ඔහුට පැවැසුවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ නිර්මාතෘ වරයා තුළ තිබූ නිහතමානිත්වය ප්‍රකට කරන අනගි අවස්ථාවක්.

සුහද සාකච්ඡාවක් සඳහා වත්මන් ජවිපෙ නායකයින්ට 2022 වසරේ මුල් භාගයේ ඉතාලියේ වසන මාගේ මිතුරෙකු හරහා ලිඛිතව මා කළ ආරාධනය ඔවුන් ඉවත දැමූවේ අලුයම හෙළන කෙළ පිඬක් ලෙසයි.

අද ජවිපෙ පිටුපස යන ඔබ ඇතුළු බොහෝ දෙනෙකු නොදන්නා බලවත් රහසක් පක්ෂයේ නායකයින් ගේ නින්දිත හැසිරීම තුළින් මනාව ප්‍රකට වුණා.

යේසුස් වහන්සේටත් නින්දා වන පරිද්දෙන් අපරාධකාරී දේශපාලනයක යෙදී සිටින මැල්කම් රංජිත් නැමැති බැටළු හම පොරවා ගත් වෘකයා ජවිපෙ/ජජාබයේ බස් රථයේ සුක්කානම තම අතට ගත් දින සිට වාහනයේ ගමන් මාර්ගය ඇමරිකානු CIA, ඉන්දියානු RAW සහ Vatikan Mafia එකේ න්‍යාය පත්‍රයට අනුව තීරණය වී ඇත.
මා මේ නිගමනයට එන්නේ වසර තිහ හතළිහක කාලයක ලබන ලද පරිචය තුළින්.

ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනයේ ගමන් මග තීරණය කරන දිශානතිය 1980 දී පළ කළ මාගේ පර්යේෂණ නිබන්ධනයේ පැහැදිලිවම පෙන්වා දීමේ පාපයට මගේ එම කෘතිය පුස්තකාල වලින් ඉවත් කර මාගේ නම ද පුස්තකාල කර්තෘ නාමාවලියෙන් ඉවත් කර තිබෙනවා.

අසහනෙන් පසුවන ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට මාර්ගෝපදේශයක් විය හැකිව තිබුණු ග්‍රන්ථය හා එහි කතෘ වන මා ඝාතනය කිරීමට පවා පෙළඹුණු බලවේග අනාගතය පිළිබඳව මා දැක්වූ අදහස්වලින් කොතරම් කැළඹී ඇද්දැයි සිතා ගත හැකියි.

අද ජවිපෙ නායකයින්ගේ නහය විද දක්කාගෙන යන්නේ රෝහණ විජේවීරව පනපිටින් ආදහන කළ පිරිසමයි. එම පාවාදීම කළේ එවකට බලයේ සිටි එජාප නායකත්වයේ උපදෙස් පරිදි පක්ෂයේ නායකත්වය භාර ගත් සෝමවංශ අමරසිංහ නමැති ද්‍රෝහියායි. මෙම පාපතරයාගේ නායකත්වය දණ්ඩ නමස්කාරයෙන් පිළිගෙන නිර්ධන පන්තික දේශපාලන ව්‍යාපාරයක් ගෝලීය ධනේශ්වර ක්‍රමයක් වෙත ඇදගෙන යාමට වර්තමාන ජවිපෙ නායකයින් කර ඇති පාවාදීම මහ පොළොව නුහුළන තරම් වූ අපරාධයක්.

මේ යථාර්ථයට විරුද්ධව උඩුගම් බලා පිහිනන්න නිශ්ඵල උත්සාහයක් දරන ඔබ ඇතුළු නොමඟ ගිය පිරිසට පහර දෙනවා වෙනුවට බුදුන් වහන්සේගේ වදනින්ම “එව බලව” (ඒහි පස්සිකෝ) කියා මෙම සටහන තබා ලිපිය අවසන් කරමි.

මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා

More Reference-

More Reference about 13a- ගෝඨාභය රාජපක්ෂ සනිටුහන් කළ දෙය | මේවා අරගල කරුවන්ට පේන්නේ නැහැ | ලක්ෂ 69 චන්ද හොරාගැනීමට සැරසීම – https://www.youtube.com/watch?v=-w_uQdZfQCc&t=233s

අරගල මැද භිහිවෙන ආණ්ඩු | ඊළඟට පත්වෙන රූකඩ ආණ්ඩුවෙනුත් අගතියට පත්වන්නේ සිංහල බෞද්ධයා

13 ඉල්ලන්නේ කවුද? ඉන්දියාවේ ප්‍රාන්තයකවත් මේ ආකාරයේ ක්‍රමයක් නැහැ | GEO Politicle Crisis

දළදා වහන්සේගේ ආරක්ෂාව නොමැතිව | බුද්ධ ශාසන නීතියෙන් තොරව බිහිවෙන ආණ්ඩුවක් වේ නම් එය චෞර රාජ්‍යයෙකි – https://youtu.be/auUJAF5RyAs

13 වහා අහෝසි කල යුතුයි | පළාත් සභා සුදු අලියා – https://youtu.be/bAE1R3MTbYM

ජනාධිපති නිවාස වැටලීම | නව දෙමුහුන් යුද උපක්‍රම | Witch hunt | Witch Craft