Wed. Jul 3rd, 2024
Spread the News

ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීමට
මේ රජයට ජනවරමක්‌ ලැබී නෑ

– ඕමල්පේ සෝභිත හිමි

සිරිමන්ත රත්නසේකර

රට තුළ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම සඳහා වත්මන් ආණ්‌ඩුවට කිසිදු ජනවරමක්‌ ලැබී නැති බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (20 වැනිදා) “දිවයින” ට ප්‍රකාශ කළහ.ෆෙඩරල් සංකල්පය යනු ඊළාම් සිහිනයේ පළමු පියවර බවත් එය කිසිසේත් ඉටු කළ නොහැකි කාරණයක්‌ බවත් උන්වහන්සේ පැවැසූහ.

ෆෙඩරල් දෙමළ ජාතිවාදීන්ගේ පැවැත්ම සඳහා ඉදිරිපත් කරන්නන් බවට චෝදනා කළ ඕමල්පේ හිමියෝ එය දෙමළ ජනතාවගේ අවශ්‍යතාවක්‌ නොවන බවත් දමිළ ජනතාව වීම හෝ උතුරේ වීම නිසා මේ රට තුළ කිසිදු ප්‍රශ්නයක්‌ නැති බවත් ඔවුන්ට ඇත්තේ දකුණේ ජනතාවට තිබෙන පොදු ප්‍රශ්නම බවත් කීහ.

සංහිඳියාව ඇති කිරීමට රට තුළ මතුව ඇති මහඟු අවස්‌ථාව දෙමළ දේශපාලන නායකයන් විනාශ කර ගනිමින් සිටින බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෙනම රාජ්‍යයක ඔටුනු පැළැඳීමේ නරුම සිහිනය බවත් ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.