Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy 123RF

අපි ළමා කාලෙදි හොරා පොලිස් ක්‍රීඩාව කළා.

ඕක නොකරපු ළමයෙක් ශ්‍රී ලංකාවේ ඇතැයි කියා හිතන්නත් අමාරුයි.

එදා අපිත් එක්ක ඒ සෙල්ලම කරපු ළමයි පසුකාලෙක රටේ ඇමති අගමැති ජනාධිපති, නීතිපති පොලිස්පති ධුරයන් දැරුවා.

අපි වැඩිහිටියන් වී රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොයි මොහොතෙද කියා නොඉවසිල්ලෙන් බලා සිටියා.

බලන් යනකොට ඉහත කී තනතුරු දැරූ සියලු දෙනාම පාහේ ගරු නම්බු නාම සහ තරු පටි සමගම තවමත් යෙදී සිටින්නේ හොරා පොලිස් ක්‍රීඩාවේ බව දකින විට ඇතිවන්නේ සංවේගයක්. ප්‍රබල කම්පනයක්.

මෙය සිනාසිය යුතු කරුණක් නොව වහා පිළියම් යෙදිය යුතු ජාතියම පෙළන ව්‍යාධිගත මනෝභාවයක්.

– එඩ්වර්ඩ් –
27.03.2023