Mon. Jul 8th, 2024
Spread the News

ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ අතුරුදන් වී වසර 21 කට පසු ශ්‍රී ලංකා හමුදාපති මහේෂ් සේනානායක මහතාට යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කර ඇති නියෝගය ගැන කොටි ඩයස්‌පෝරාව දැඩි සතුටට පත් වී ඇත.

හමුදාපතිවරයාට එරෙහිව ද්‍රවිඩ තරුණයන් 24 ක්‌ අතුරුදන්වීමේ නඩුව ගොනු කර ඇත්තේ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු වන ගුරුපරන් නමැත්තා බව හෙළි වී තිබේ.

හමුදාපතිවරයකුට උතුරේ අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය කළ මුල්ම නියෝගය මෙයයි.

මෙයට පෙර එලීලන් නමැති කොටි හමුදා නායකයාගේ බිරිය වූ ආනන්දි සසිතරන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මුලිතිව් අධිකරණය හමුවට ගෙන එන ලෙස කළ ඉල්ලීමක්‌ අධිකරණය විසින් ප්‍රතික්‌ෂේප කර තිබුණි.

නවාක්‌කුලි ප්‍රදේශයේදී ද්‍රවිඩ තරුණයන් 24 දෙනා අතුරුදන් වූ බව කියන සමයේ හමුදාපති ලෙස කටයුතු කළේ වෙනත් හමුදාපතිවරයෙකි.