Fri. Jul 5th, 2024
Spread the News

fea8 1

Divaina :

වර්තමාන සිංහල බෞද්ධ පුනරුදයේ මූලිකයා වූ සෝම හිමියන් මෙරට දැහිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැකිය. වසර 14 ක්‌ නොව වසර 140 ගෙවුනද සෝම හිමි මතකය යළි අවදි කළ යුතුය. වංචාකාරී දේශපාලන පක්‍ෂවලට සෝම හිමි අමතක වුවද මෙරට සිංහල බෞද්ධයන් සෝම හිමි අමතක නොකරන සාමාන්‍ය දේශපාලන පක්‍ෂවලට අත්වන ඉරණමම භික්‍ෂු දේශපාලනයට ද උරුම විය. එහෙත් යහපාලන ආණ්‌ඩුවේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් හමුවේ අපට සෝම හිමි වැනි ප්‍රබල යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ අඩුව නොදැනෙන්නේද?

 සුපින්වත් මිනිසුනි, යමෙක්‌ ඔබට හොඳ මිනිහෙක්‌ යෑයි කියන්නේ නම් එසේ කියන්නේ ඔබ හිස කඳ කෙලින් තබාගෙන ඇවිදින්නකු නිසා නම් නොවේ. යහපත අයහපත වෙන්ව තෝරාගෙන අයහපතින් වැළකී යහපතෙහි යෙදීමට තරම් සුදුසු වූ මානසිකත්වයක්‌ ඔබට ඇති බැවිනි. උසස්‌ කළ හැකි මනසක්‌ ඇති බැවින් “මනස්‌ස උස්‌සන්තතා” යනුවෙන් අර්ථ විග්‍රහය දක්‌වා ඇත. මිනිසාට ආගම අවශ්‍ය වන්නේද ඔහු අයහපතින් වළකා යහපතෙහි යොදවා උසස්‌ මානසිකත්වයක්‌ ඇති මිනිසකු කිරීමට මිස සිතීමේ නිදහස වළකා මන්දබුද්ධිකයකු කිරීමට නොවේ.

 ඉහතින් දැක්‌වූ සටහන රචනාකර ඇත්තේ අති පූජනීය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. මෑත යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂ යතිවරයාණන් වහන්සේ නමක්‌ වූ උන්වහන්සේ සෑම විටම කටයුතු කළේ බැතිමතුන්ගේ දහම් පවස නිවා සමාජ සුචරිතය ඇතිකිරීමටය. සදාචාරවත් දැහැමි සමාජයක්‌ සඳහා නැවත නැවතත් සෝම හිමි මග ගත යුතුය. සෝම හිමි ගත් මග ගැන යළි සිහිකරන්නට සිත් වූයේ උන්වහන්සේගේ 14 වැනි ගුණානුස්‌මරණය අදට (12 වැනිදා) යෙදී ඇති බැවිනි. උන්වහන්සේගේ දේහය මතින් ධර්ම රාජ්‍යයක්‌ සඳහා මගහසර එළිපෙහෙළි කර ගත්තෝ අද කොහිද සැබවින්ම බෞද්ධයන් වංචාවකට ලක්‌වූවේද යන්නත් මෙහිදී සාකච්ඡා කළ යුතුය. සෝම හිමි පිළිරුව යොදා ඡන්ද හිඟමනේ යෙදුණෝ අද එක්‌සත් ජාතික පක්‍ෂයේ කෝට්‌ටේ ශාඛාව බවට පත්ව නැද්ද? මෙය අභාවාචක සිදුවීමකි.

 එහෙත් වාර්තමාන සිංහල බෞද්ධ පුනරුදයේ මූලිකයා වූ සෝම හිමියන් මෙරට දැහිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැකිය. වසර 14 ක්‌ නොව වසර 140 ගෙවුනද සෝම හිමි මතකය යළි අවදි කළ යුතුය. වංචාකාරී දේශපාලන පක්‍ෂවලට සෝම හිමි අමතක වුවද මෙරට සිංහල බෞද්ධයන් සෝම හිමි අමතක නොකරන සාමාන්‍ය දේශපාලන පක්‍ෂවලට අත්වන ඉරණමම භික්‍ෂු දේශපාලනයට ද උරුම විය. එහෙත් යහපාලන ආණ්‌ඩුවේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් හමුවේ අපට සෝම හිමි වැනි ප්‍රබල යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ අඩුව නොදැනෙන්නේද? 2004 දේශපාලනය 2017 දී ක්‍රියාත්මක කළ නොහැක. වඩා කනගාටුදායක වන්නේ එදා පටිසෝතගාමී වූ දේශපාලන ව්‍යාපාර අද අනුසෝතගාමී වීමය. මේවා දකින්නට සෝම හිමියන් ජීවත්ව නොසිටීම වඩා යහපතකිs.

 අතීතය නැවත නැවත සිහිකළ යුත්තේ සෝම හිමි මෙන්ම ඒ හරහා ඇතිවූ ආගමික ප්‍රබෝධය අමතක කර දැමීමට සමහරු උත්සාහ කරන නිසාය. 2003 දෙසැම්බර් මාසයේදී අප දුටුවේ බෞද්ධ විප්ලවයකි. ජීවත්ව සිටි සෝම හිමියන්ට වඩා අපවත් වූ සෝම හිමි ප්‍රබල විය. සිදුවෙමින් පවතින ශාසනික සහ ජාතික විපත පිළිබඳව උන්වහන්සේ වඩා හොඳින් බෞද්ධයා දැනුවත් කළ නිසාම වෙනදා පැයක්‌ බණ ඇසීමට නොඑන තරුණයෝ සෝම හිමියන්ගේ පැය තුනේ බණ අසන්නට පොරකමින් පැමිණියහ. වර්තමානයේ යළිත් අන්‍යාගමික ආක්‍රමණය තිව්‍ර වී ඇත. ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන මෑත කාලීනව ඉතා විශිෂ්ට අන්දමින් හෙළිකරනු ලැබුවේ සෝම හිමියන් විසිනි. එනිසාම මේ අදිසි නිහඬ ආක්‍රමණය ගැන බෞද්ධයෝ වඩා හොඳින් දැනුවත්ව සිටියහ. නමුත් 2017 දෙසැම්බර් මාසයේදී මේ අනතුර ගැන හෙළි කරන්නට කිසිවකු නැත. ඒ කසාවත් විප්ලවය අඩපණ වී ඇති නිසාද? සෝම හිමි දර්ශනය මුල්තැන්හි තබාගෙන යළිත් මේ බෞද්ධ විප්ලවය ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව නම් අපි තරයේ ප්‍රකාශ කරමු. බෞද්ධ බලවේග ප්‍රචණ්‌ඩ බලවේගයක්‌ නොවේ. මෙය අවිහිංසාවාදී සමාජ පෙරළියකි. එම පෙරළිය 2003 ටත් වඩා අද අවශ්‍යව නොතිබේද?

 ගංගොඩවිල සෝම හිමියන් කහ විප්ලවයට මූලික අඩිතාලම දැමූ ආකාරය යළි සිහිකළ යුතුය. දිනය 2001 දෙසැම්බර් 25 වැනිදාය. මහරගම සිරි වජිරඥන ධර්මායතනය මහජන ගඟකින් පිරී පැවතියේය. ධර්මායතනයේ තරුණ ශීල සමාදානය පමණක්‌ නොව මුළු විහාර භූමියම සුදුවතින් සැරසුණු සිංහල බෞද්ධයන්ගෙන් පිරී පැවතියේ ගංගොඩවිල සෝම හිමියන් විසින් ආරම්භ කිරීමට යෙදුණු “ජනවිජය” සංවිධානයේ පළමු රැස්‌වීමට සහභාගි වීමේ අටියෙනි. සිංහලකම බෞද්ධකම නොසලකා හැර තිබූ යුගයක එය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෝම හිමියන්ට හැකිවිය.

 බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර මූලයේදී සුමේධ තාපසතුමාට නිවන් සැප ලබා ගැනීමට හැකියාව තිබුණද ලෝකයාගේ හිත සුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කර මතු බුදු බව පැතූහ. සෑම බෞද්ධයකුටම තමන්ගේ නිවන් සැපය අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්‌තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත භික්‍ෂුවගේ උරුමය ග්‍රන්ථයේ සඳහන් වේ. 1974 සැප්තැම්බර් මස 24 වැනිදා ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළු වූදා සිට සෝම හිමියෝ කැපවූයේ පරාර්ථ සේවය සඳහාමය. මහඔය වේරගල ආරණ්‍යයේ වැඩ විසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්‌වමින් බොදු ජනයා යහමගට ගැනීමට උන්වහන්සේට හැකිවිණි. රූපවාහිනිය හරහා සෝම හිමි නාමය දස දෙස පැතිරෙන්නට වූයේ කිසිවකු නොසිතූ ආකාරයටය. දීඝවාපිය මුස්‌ලිම් අන්තවාදයට නතුව තිබියදී සියලු සිංහල බෞද්ධ නායකයන් ඒ ගැන මුනිවත රකිද්දී එවක පොදු පෙරමුණු රජයේ ප්‍රබලයකු වූ ඒ. එච්. එම්. අෂ්රොµa ඇමැති සමඟ ප්‍රසිද්ධ විවාදයකට එළඹියේද අප යතිවරයාණන් වහන්සේ පමණි. මේ ගැන අද බොහෝ දෙනකුට අමතකය.

 සෝම හිමි විවාදාත්මක භික්‍ෂුවකැයි සමහර මාධ්‍ය ප්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්‍ෂුවට උරුම වූ ජාතික කාර්යභාරයයි. සිංහල භික්‍ෂූන් වහන්සේ වසර දෙදහස්‌ පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක්‍රියාකරමින් භික්‍ෂු ජීවිතය ගතකළ බවත් රට වැසියාගේ දියුණුවට බාධාවන කරුණුවලට එරෙහිව ක්‍රියා කිරීමේ බලයක්‌ සංඝයා සතු වූ බව 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශයේ සඳහන් වේ.

 අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප්‍රකාශයක්‌ මෙලෙස උපුටා දක්‌වමි.

 ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්‌කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයිs. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක්‌ නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන දහමයි. එම නිසා මම දෙවියෙක්‌වත් භූත ආත්මයක්‌වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.

 * චතුර පමුණුව