Wed. Jul 3rd, 2024
Spread the News

අනිත් එවුන්ට පිස්සා කියලා බණින සේපාලයටත් පිස්සු.

සිල්වත් භික්ෂූන් ඕනෑ තරම් ඉන්න ශ්‍රී ලංකාවේ, සිල්වත් භික්ෂුවක් ලෙස සේපාලට පෙනුනේ කැකිරාවෙ සුදස්සන පමණක් වීම පුදුමයකට කරුණක් නොවේ.

පල්ලිය විසින් නහය විදලා දාපු නාස් ලණුව සේපාල නොදැක්කා නොවේ.
දැකලා නොදැක්කා ලෙස හිටියයි කියලයි මට හිතෙන්නේ.

වසර කිහිපයකට උඩදී මා සමග එකට දේශපාලන ගමනක් යන්න සූදානම් වූ සුදස්සන ඒ ගමනට හැරමිටියක් ලෙස පාවිච්චි කිරීමට අනාරක්ෂිතභාවය පිළිබඳ මාගේ න්‍යාය ඔහුගේ න්‍යායක් ලෙස පාවිච්චි කිරීමට මගෙන් අවසර පැතුවා.

මම ඔහුට කීවේ මා ජීවතුන් අතර සිටියදී මාගේ න්‍යාය ඉල්ලා සිටීම අසාධාරණ බවත්, මගේ මරණයෙන් පසු මගේ න්‍යාය සමග ඕනැම සෙල්ළමක් කරගන්න කියායි.

ඔහු ඊට පසු ෆීල්ඩ් මාෂල් පසුපස ගියා.
ඒකත් හරි නොගියාම කැනඩාවේ සිට පැමිණි සක්කර වට්ටමක් පසුපස ගියා. ඇයට අලුත් පෙම්වතෙක් ලැබුණු නිසාදෝ සුදස්සන ජවිපෙ පිටුපස ගියා.

සේපාල ඒ කාලේ නාගා පසුපස ගියා.
නාගාව දේශපාලන වශයෙන් අනාථ කරලා ජවිපෙට එක්වුණා. ඊළඟ පඩිය NPP විය හැකියි. NPP එකේ අයට අඩියක් ආපස්සට තියන්න පඩියක් නැත්තේ ඔවුන් කවදාවත් JVP එකේ නොසිටි නිසයි.

හැම පක්ෂවලින්ම එකතු වුණු ආඬින් පිරිසක් NPP නමින් අම්බලමක් තනාගෙන එහි කැඳ හැළියක් පිසීමට සූදානම් වුවත්, ජවිපෙ පහළ මට්ටමේ අය උණු වතුර හැළියට හාල් මිට බැගින් දමා වියයි කියා මුළා වූ සිතිවිල්ලකින් පසුවෙති. අනේ පව් කියා ජවිපෙ අයත් හිඟන්නන්ට දානයක් දීම සඳහා සූදානම් වෙති.

මෙම දෙපිරිසේම වැඩපිළිවෙළ කැඳ හැළියක් නොවේවා කියා සිතන සිතුවිල්ලේ සැඟවුණු සාධාරණත්වය නම් හැළියේ නටන උණු වතුරෙන් පමණක් කැඳ හැදෙන්නේ නැති බව කුඩා දරුවෙක් පවා දන්නා නිසයි.

සැබෑ වෙනසක් වෙනුවෙන් “විසඳුමක්” තමන් ළඟ ඇතැයි සිතන ජවිපෙට ” බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නැහැ” කියන කතාව සනාථ කරමින් තැලිච්ච පොඩි වෙච්ච නැති තරුණයෙක්
” ඔබ යයි නම් තනිව අන්ධකාරේ
නොලැබ ආලෝකේ
සදා සංසාරේ
යා හැකි දෝ සොයා මාර්ගේ” කියන ගීතය මිමිණුවහොත් මම පුදුම නොවෙමි.

-තෙවැනි ඇස-
11.01.2024