Spread the News

කලකට ඉහතදී සුනිල් හඳුන්නෙත්ති දේශපාලන ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ජවිපෙ දඩබ්බර නායකයින් අතර විනයගරුක බවක් හැදිච්ච කමක් පෙන්නුම් කළ එකම පුද්ගලයා ලෙස සෑම පක්ෂයකම පිළිගැනීමට ලක්වීම නිසයි.

එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? බෞද්ධ විරෝධී බලවේගයන් විසින් නහයවිද නාස් ලණු දමා හසුරුවන ජවිපෙ හා ජා.ජන. බලවේගයේ නායකාරකාදීන් හුදු දේශපාලන බලයක් සඳහා බලු පොරයකට අවතීර්ණව සිටින පිරිසක් හැටියට ඉතිහාසයට එකතුවීමයි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය අනුර කුමාරට නැතිනම් සජිත් ප්‍රේමදාසට දෙන ලෙස කාදිනල් මැල්කම් රංජිත් කීවේ කට කසනවාට නොවේ.

1959 බණ්ඩාරනායක ඝාතනය, 1962 කතෝලික හමුදා නායකයින්ගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය, 1971දී සිංහල බෞද්ධ තරුණ තරුණියන් 10,000ක්ද, 1988-89 දී 80,000ක පමණ සිංහල බෞද්ධ තරුණ පිරිසක් ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කර දැමීම විදේශීය බලවේගයන් (CIA, Vatican and RAW) විසින් දිගින් දිගටම ක්‍රියාවට නංවන ලද අති අමානුෂික ප්‍රතිවිප්ලවීය න්‍යාය පත්‍රයක සෘජු ප්‍රතිඵලයක්.

සම සමාජ, කොමියුනිස්ට් (චීන හා රුසියන්) පැරැණි වාමාංශය තුළින් මෙවැනි වැඩක් කරගත නොහැකි බව ඉහත කී ජාත්‍යන්තර බලවේග විසින් මනාව අවබෝධ කරගෙන තිබුණ නිසා, අති ධාවනකාරී වාමාංශයක් නිර්මාණය කිරීම තුළින් සිංහල බෞද්ධ විරෝධී දේශීය මෙන්ම විජාතික හතුරන් විසින් ඇස් පනාපිටම කර ඇත්තේ ලබ්බට තැබූ අත පුහුලටත් තැබීමක්.

කාලය ඉක්මවුණු,යල් පැන දිරාපත්ව තිබූ ජවිපය වෙනුවට මීළඟ එපිසෝඩය සඳහා ජාතික ජන බලවේගය කියා අට මගුලක් තැළීි පොඩිවී පෑගී දුක් විඳින ජනතාවට තිළිණ කර ඇත.

ඉතිහාසය පුනරුච්චාරණය වන න්‍යායට අනුව ලෝකයේ කිසි තැනක නොවූ ව්රූ අන්දමින් ශ්‍රී ලංකාව තුළ වසර විස්සකට හෝ තිහකට වරක් මේ ජුගුප්සා ජනක නාට්‍යය කරළියට නැංවෙමින් තිබේ. වෙනත් වචන වලින් කිවහොත් තවත් එක් බළි යාගයකි. (මිනිස්) බිළි පූජාවකි.

දේශපාලන කරලියේ බඩ පිනුම් බන්ටි කරණම් ගසමින් වෙස් මුහුණු තුළින් අලුත් මුහුණුවරවල් පෙන්වමින් බල කාමයෙන් මත්ව වියරුවෙන් මෙන් හැසිරෙන දේශපාලන කල්ළි මේ සූදානම් වන්නේ තවත් දේශපාලන ජල්ලියක් ඇල්ලීමටයි.

මේ සියලුම ව්‍යාසනයන්ට පිළිතුර ඇත්තේ වංචනික බොරු කාරයින් අත නොව ජනතාව අතයි.

එය පරමාධිපත්‍යයේ උතුම් වූ අනභිභවනීය බලයයි.
එය රැක ගැනීම බුද්ධිමත් ජනතාවගේ පරම පවිත්‍ර යුතුකමයි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
13.09.2024