Spread the News

සුදු කොඩි කතාවේ ඇතුලාන්තය සහ
සම්භාවනීය ත්‍රස්‌තවාදියෝ
චැනල් 4 රූපවාහිනිය බ්‍රිතාන්‍ය රජයේ ආයතනයක්‌ බව හෙලි වෙයි

“කොටි සංවිධානය කොටු වූ අවස්‌ථාවේ ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ අන්තර්ජාතික රතු කුරුසයට යටත් වන ලෙස නෝර්වේ රජය යෝජනා කළා. මේ නිසා ජීවිත ගණනාවක්‌ බේරා ගත හැකි යෑයි අපි ප්‍රභාකරන්ට කියා සිටියා. නමුත් ප්‍රභාකරන් අපේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා.”
– හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම්

සුදු කොඩි සිද්ධිය දැන් යළි මතු වී ඇත. මේ ආන්දෝලනාත්මක සුදු කොඩි සිද්ධියේ නිර්මාතෘවරුන් කවුරුන්ද?

1.චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ, 2. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා 3. ජර්මනියේ දේශපාලන රැකවරණ පතා ඇති කොටින්ගේ දේදුන්න පත්‍රයේ සංස්‌කාරක රෝහිත භාෂණ අබේවර්ධන 4. හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී චන්ද්‍රනේරු 5.ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා සිටින ලලන්ත නානායක්‌කාර, රුවන් ජයවර්ධන, ගෝඨාභය, රණවීර, රණදේව හෙවත් බොම්බඩියර්.

මෙම සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් මෑතකදී තවත් සාවද්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීමට බ්‍රිතාන්‍යයේ දෙමළ සංසදයේ නායක රූම් රවි නැමැත්තාද ඉදිරිපත් විය.

එහෙත් සුදු කොඩි සිද්ධිය මුළු ලොවටම ප්‍රචාරය කළේ චැනල් 4 අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ සහ යස්‌මින් සුකායි. යස්‌මින් සුකා සුදු කොඩි සිද්ධිය ගැන ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට පිටු 42 ක වාර්තාවක්‌ ඉදිරිපත් කළාය.

ඇය එම වාර්තාව ඉදිරිපත් කළේ සියලු සිදුවීම් ඇසින් දුටුවාක්‌ මෙනි. කතෝලික පියනමක්‌ වූ ප්‍රැන්සිස්‌ ජෝශප් කොටි නායකයන් 103 ක්‌ හමුදා බස්‌රියකට නංවන අයුරු දුටු බවද ඇය තවදුරටත් පළ කළාය. සුදු කොඩි සිද්ධියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, එක්‌සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත පාලිත කොහොන සම්බන්ධ බවත් ඊට අදාළ තොරතුරු ලබා ගත්තේ දරුස්‌මාන් වාර්තාව, අයි. සී. ඊ. වී. නැමැති රාජ්‍ය නොවන සංවිධානයෙන් හා මාධ්‍ය වාර්තාවලින් බවත් යස්‌මින් සුකා සඳහන් කළාය.

කොටි නායකයන් යටත්වීමට කැමැති බව දක්‌වන අදහස බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනී මාරි කොල්වින් විසින් එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික නිලධාරී විඡේ නම්බියාර්ටද දැන් වූ බව පැවසූ යස්‌මින් සුකා 2009 මැයි 17 වැනි ඉරිදා පෙරවරු 8.46 සිට 2009 මැයි 18 දා පස්‌වරු 7 දක්‌වා එස්‌. එම්. එස්‌. පණිවුඩ රැසක්‌ හුවමාරුවූ බවත් කියා සිටියාය.

 


චාවාකච්ෙච්රි ප්‍රදේශයේ අලවා තිබූ කොටි ත්‍රස්‌තයන් සැමරීමේ පෝස්‌ටර්

තමිල් නාඩුවේ වාහනයක ප්‍රභාකරන්ගේ රුව පින්තාරු කළ තිබූ අයුරු

එහෙත් 2009 මැයි 18 දා පස්‌වරු 8 ට රජයේ මන්ත්‍රීවරයකු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී චන්ද්‍රනේරු අමතමින් කොටි පොලිස්‌පති නඩේෂන් ඇතුළු සියලු දෙනා මරුමුවට පත්වී ඇති බව පවසා ඇතැයිද යස්‌මිත් සූකා සිය වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත.

යස්‌මින් සූකා සුදු කොඩි හෙවත් වයිට්‌ ප්ලෑග් නැමැති සිද්ධිය සිය වාර්තාවේ සකස්‌ කර ඇත්තේ චිත්‍රපට තිරනාටකයක්‌ ලෙසයි.

ඇය සුදුකොඩි ප්‍රබන්ධය මෙලෙස නිර්මාණය කර ඇත. කොටි හමුදා නායකයන් යටත් වීමේ ස්‌ථානය ලෙස දක්‌වා තිබුණේ වඩ්ඩුවකාල් පාලමයි. ඔවුන් පාලම වෙත එන බව සාක්‌කිකරුවන් සිව්දෙනකු දුටු බවද සුකා පවසයි. මේ සාක්‌කිකරුවන් කව්දැයි ඇය කියන්නේ නැත. එක්‌ සාක්‌කිකරුවකු පවසා ඇත්තේ කොටි සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී පුලිතේවන් සහ කොටි පොලිස්‌පති නඩේෂන් සිටි බංකරය අසල තමා සිටි බවත් එහෙත් යටත්වීමට අදාළ තොරතුරු පුලිතේවන් පසුව තමාට හෙළි කළ බවයි.

තමා වඩ්ඩුවකාල් පාලමේ දකුණු දෙසින් පැනගත් බවද මේ සාක්‌කිකරු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේම 58 වැනි සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ හමුදාභටයන් 20 ක්‌ 25 ක්‌ අතර සංඛ්‍යාවක්‌ හරියටම ස්‌ථාන ගතවී සිටි ස්‌ථානයද එක්‌ සාක්‌කිකරුවකු හෙළි කර තිබේ.

යස්‌මින් සුකාගේ තිර කතාවට තොරතුරු සැපයූ තවත් සාක්‌කිකරුවකු පවසා ඇත්තේ අගලක වැටී සිටි පුලිතේවන් හා නඩේෂන්ව තමා දුටු බවයි.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් දැඩි අඳුරක්‌ පවතින අවස්‌ථාවේ ඉහත කී සාක්‌කිකරුවන් එකී සුදු කොඩි සිද්ධිය සියෑසින් දැකීමත් ඔවුන්ට කිසිදු විපතක්‌ සිදු නොවීමයි. ඕස්‌ටේ්‍රලියාවේ එස්‌. බී. එස්‌. රූපවාහිනිය මේ සුදු කොඩි සිද්ධිය ගැන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත පාලිත කොහොන ගෙන් විමසා ඇත.

ඊට ප්‍රතිචාරය දැක්‌ වූ පාලිත කොහොන මෙලෙස ප්‍රකාශ කර තිබේ. කොටි සමග කිසිදු ගිවිසුමක්‌ තිබුණේ නැහැ. එම අවස්‌ථාවේ ගිවිසුමක්‌ ඇති කර ගැනීමේ හැකියාවක්‌ තිබුණේ නැහැ.

යස්‌මින් සුකා හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා කළ ප්‍රකාශයක්‌ද සිය වාර්තාවට අන්තර්ගත කර තිබුණි.

“කොටි සංවිධානය සමග සබඳකම් පැවැත් වූ හැම දෙනාම අපි විනාශ කළා. අපි යුද්ධය දිනුවේ එලෙසයි.”සරත් ෙµdන්සේකා

එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාට සුදු කොඩි සිද්ධිය ගැන මෙවන් විමර්ශන වාර්තාවක්‌ සකස්‌ කිරීමට කිසිදු හිමිකමක්‌ නැත.

එහෙත් ඇයත්, කැලම් මැක්‌රේ සහ ඊළම්වාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකට වී ඊළම්වාදීන්ගෙන් ලබාගත් තොරතුරු මත මෙම වාර්තාවත් ශ්‍රී ලංකා සර්ච් පෝ ජස්‌ටිස්‌ නැමැති වීඩියෝ පටයත් නිර්මාණය කර ඇත.

සර්ච් ෙµda ජස්‌ටිස්‌ චිත්‍රපටය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක තිරගත කිරීමට පෙර මැක්‌රේ ලන්ඩනයේ ටී. වී. ආර්. ප්‍රචාරක ආයතනයේ සොපි ටවුමාසිගේ සහය ලබාගත්තේය.

මෙම ප්‍රචාරක ආයතනයට මුදල් ගෙව්වේ ලන්ඩන් නුවර ඊළම්වාදීන්ය. මැක්‌රේ දැන් පවසන්නේ ශ්‍රී ලංකා රජය පවත්වන අභ්‍යන්තර පරීක්‍ෂණ ක්‍රමවේදයට සාක්‍ෂි ලබාදීමට තමා සූදානම් බවයි. එහෙත් මැක්‌රේ අතර මැදියෙකි. ඔහු සුදු කොඩි සිද්ධිය සියෑසින් දැක නැත. එසේ නම් ඔහුගේ සාක්‌ෂිය පිළිගත හැකිද?

සුදු කොඩි සිද්ධිය ගැන එල්ල වී ඇති චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. එදා හමුදාපති වූ සරත් ෙµdන්සේකා පවා පසුව පැවසුවේ යුද්ධයේ අවසාන සමයේ කොටි හමුදාවට බාර වීමට වුවමනා බවට කිසිදු තොරතුරක්‌ තමන්ට නොලැබුණු බවයි.

මේ අතර අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම චැනල් 4a නාලිකාවේ වීඩියෝව සත්‍ය බවට සඳහන් කර නැත. එහෙත් කැලම් මැක්‌රේ තවත් සාවද්‍ය ප්‍රකාශයක්‌ කරමින් මැක්‌ස්‌වෙල් පරණගම වාර්තාවෙන් චැනල් 4 විඩියෝ පටය සත්‍ය යෑයි තහවුරු කර ඇතැයි සඳහන් කර ඇත. එහෙත් පරණගම වාර්තාවේ දැක්‌වෙන්නේ සත්‍ය සොයා බැලීම සඳහා ස්‌වාධීන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට නිර්දේශ කිරීමයි.

එසේම මැක්‌රේ ශ්‍රී ලංකාවේ රූපවාහිනි සේවාවන්ට අභියෝග කරමින් තමා නිර්මාණය කළ වීඩියෝ පට එකී රූපවාහිනි සේවාවන්හි තිරගත කළ යුතු යෑයි දක්‌වා ඇත. මේ පසුබිම මැද ආරක්‍ෂක අමාත්‍යාංශය ඊළම් සංවිධාන 16 ක්‌ හා ඊළම්වාදීන් 400 කට පනවා තිබූ තහනම යළි විමර්ශනයට ලක්‌ කිරීමට තීරණය කර තිබේ. පසුගිය රජය විසින් මෙම ඊළම් සංවිධාන තහනම් කර තිබුණි.

කොටි සංවිධානය හා ජාත්‍යන්තර ඊළම් සංවිධාන අතර සම්බන්ධතාවය සනාථ වූයේ මුල්ලිවයික්‌කාල්හි කොටි ජාත්‍යන්තර ඒකකයේ නායක කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී හමු වූ පිටු 39 ක රහස්‌ ලියවිල්ලකිනි. ඊට සමානව කැනඩා රහස්‌ පොලිසියද කොටි ජාත්‍යන්තරයට සම්බන්ධ ඊළම්වාදීන්ගේ ලැයිස්‌තුවක්‌ සොයා ගෙන තිබුණි.

මුල්ලිවයික්‌කාල්හි කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී හමු වූ රහස්‌ ලියවිලිවලින් එකී ඊළම් සංවිධාන විසින් කොටින්ට එවූ අරමුදල්වලට අදාළ රහස්‌ තොරතුරු අනාවරණය විය.

මෙලෙස තහනමට ලක්‌ වූ ඊළම් සංවිධාන ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වීමට හා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව වීඩියෝ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටත් කටයුතු කර ඇත.

එහෙත් ආරක්‍ෂක බලධාරීන් එකී ඊළම් සංවිධාන තහනම යළි නිරීක්‍ෂණය කිරීමට කටයුතු කිරීමෙන් උත්සාහ කරන්නේ කොටි සංවිධානය සමග සබඳකම් පැවැත් වූ ත්‍රස්‌තයන්ව සම්භාවනීය ත්‍රස්‌තයන් කිරීමටද?

මේ අතර නොවැම්බර් 26 දා විරුවන් අනුස්‌මරණය කිරීම නමින් පෝස්‌ටර් චාවාකච්ෙච්රියේ අලවා තිබූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග හෙළි කළේය.

මෙය විරුවන්ගේ මාසයයි යනුවෙන් සඳහන් එම පෝස්‌ටර් අලවා ඇත්තේ පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙයි. විරුවන් ලෙස හඳුන්වා ඇත්තේ මිනීමරු කොටි ත්‍රස්‌තවාදීන්ය.

මෙකී පෝස්‌ටර් ඇලවීමට පෙර යාපනයේ හිටපු නගරාධිපතිවරයා රජයෙන් ඉල්ලීමක්‌ කරමින් මියගිය මහාවිරුවන් සැමරීමට ඉඩ දිය යුතු බව පවසා ඇත.

ඊට සමගාමීව උතුරු පළාත් සභාවටද මියගිය කොටි ඝාතකයන් සැමරීමට සූදානම් වන බව අනාවරණය වී තිබේ. මේ අන්දමට ඇමරිකානු රජය අල්කයිදා සහ අයිසිස්‌ ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදේද?

මෙවැනි පසුබිමක්‌ මැද පසුගිය ඔක්‌තෝම්බර් 27 දා කොළඹ බණ්‌ඩාරනායක සමරු හලේ පැවැති සම්මන්ත්‍රණයක්‌ අමතා එලිල් රාඡේන්ද්‍රන් පියනම දේශනයක්‌ කරමින් යුද අපරාධවලට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව ක්‍රියා කිරීම සඳහා රජය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවත් ඊට හමුදා විධානයේ සියලු දෙනාම ඇතුළත් කළ යුතු බවත් කියා සිටියේය.

රජය යුද අපරාධ ගැන පිළිගත යුතු බවත් ශ්‍රී ලංකා හමුදාවට යටත් වූ කොටි සාමාජිකයන් කව්දැයි හෙළි කළ යුතු බවත් ඔහු තවදුරටත් පළ කළේය.

එහෙත් රාඡේන්ද්‍රන් පියනම කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන සඳහන් කර නැත. මේ අතර උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් හා රාජ්‍ය නොවන සංවිධාන නොවැම්බර් 27 ට පෙර රැඳවුම්භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් 216 ක පිරිස මුදා ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදී ඇත.

යාපනයේ ආරංචි මාර්ග පැවසුවේ ශ්‍රේණි තුනක්‌ යටතේ මෙම හිටපු කොටි ත්‍රස්‌තයන් මුදා හරින බවයි. මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් මේ හිටපු කොටි ත්‍රස්‌තයන් සිදුකළ විනාශකාරී ක්‍රියාවලට ගොදුරුවූවන්ට යුක්‌තිය හිමි වන්නේද යන්නයි.

මේ හිටපු කොටි ත්‍රස්‌තයන් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඇතුළු ත්‍රස්‌ත ක්‍රියා රැසකට දායක වී ඇත. ඔවුන්ට නීතියෙන් ගැලවීමට ඉඩ දිය යුතුද?

මෙම පසුබිම මැද උතුරේ දෙමළ ජාතික සංස්‌කෘතික සංසදය ප්‍රකාශයක්‌ කරමින් දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කර මියගිය සටන්කාමීන්ව අනුස්‌මරණය කිරීමට ඉඩදිය යුතු බව පවසා ඇත.

මහාවිරු සතිය නොවැම්බර් 1 දා ආරම්භ වු අතර බන්ධනාගාර ගතව සිටින දේශපාලන රැඳවියන් නිදහස්‌ කළ යුතුයි. හමුදාව දෙමළ කාන්තාවන්ට ලිංගික හිංසා කිරීම ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු අතර අතුරුදන් වූ පිරිස ගැන ස්‌වාධීන විමර්ශනයක්‌ කළ යුතුයි යෑයි දෙමළ ජාතික සංස්‌කෘතික සංසදය තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ සෑම ඉල්ලීමකින්ම පිළිබිඹු කරන්නේ ප්‍රභාකරන් නිවැරදි බවත් වන්නි මෙහෙයුම වැරදි බවත්ය.

ප්‍රභාකරන් විසින් සිය ත්‍රස්‌තවාදය ව්‍යාප්ත කිරීම සඳහා මහා විරු සතිය නමින් සතියක්‌ ප්‍රකාශයට පත් කළ අතර එය තවදුරටත් පවත්වාගෙන යැමට උතුරේ ද්‍රවිඩ දේශපාලනඥයන් කටයුතු කරන්නේ මන්දැයි අවබෝධවේ.

මේ පසුබිම මැද උතුරු මහ ඇමැති වින්නේශ්වරන් උතුරේ ද්‍රවිඩ මාධ්‍ය අමතමින් යුද අපරාධ සිදු කළ සොල්දාදුවන්ව ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ට සම කිරීමට රජය කටයුතු කිරීම විහිළුවක්‌ යෑයි පවසා ඇත.

මින් විග්නේශ්වරන් පෙන්නුම් කර ඇත්තේ රැඳවුම්භාරයෝ සිටින්නේ අහිංසකයන් ලෙසයි. එහෙත් අත්අඩංගුවේ සිටින්නේ මිනීමරු කොටි ත්‍රස්‌තයන් බව රජයේ බලධාරීන් අවධාරණයට ලක්‌ කළ යුතුයි.

මෙවන් තොරතුරු අනාවරණය වන අවස්‌ථාවේ යාපනයේ නිතීවේදීන් කණ්‌ඩායමක්‌ රජයෙන් ඉල්ලීමක්‌ කරමින් නීතිමය කියාපටිපාටි හා එල්ල වී ඇති චෝදනා ගැන නොතකා අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහරින ලෙස ඉල්ලා ඇත.

මෙයට සමගාමීව එකී හිටපු කොටි ක්‍රියාකාරීන්ද තමන්ව පුනරුත්ථාපනය කිරීමෙන් නොවේ නිදහස්‌ කළ යුතු යෑයි ප්‍රකාශ කර තිබේ.

මොවුන් මේ උත්සාහ කරන්නේ දේශීය යාන්ත්‍රණයට පෙර නිදහස්‌ වීමට නොවේද?

එසේනම් ජිනීවා වාර්තාව මත දඬුවම් ලැබිය යුත්තේ ශ්‍රී ලංකා හමුදාවට පමණක්‌ද? මේ අතර බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන තහවුරු කරමින් බ්‍රිතාන්‍ය රජය රහසක්‌ අනාවණය කළේය. එම රහස නම් ශ්‍රී ලංකාවට එරෙහිව වීඩියෝ චිත්‍රපට 3 ක්‌ නිර්මාණය කළ චැනල් 4 රූපවාහිනිය බ්‍රිතාන්‍ය රජයේ ආයතනයක්‌ බව පැවසීමයි. මෙම රූපවාහිනිය පුද්ගලික අංශයට විකුණන බවද බ්‍රිතාන්‍ය රජය කියා සිටියේය. එසේ නම් ශ්‍රී ලංකා හමුදාවට අවමන් කිරීමේ චිත්‍රපටි නිර්මාණය කිරීමේ පසුබිමේ සිටියේ බ්‍රිතාන්‍ය රජය බව පැහැදිලිය.

* කීර්ති වර්ණකුලසූරිය