Mon. Jul 8th, 2024
Spread the News

source:

රනිල් එවූ ගල කිලීට ලැබුණා ද?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා වු සටනින් වැඩි ඡන්ද 42ක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගෙන ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහට අභියෝග කරමින් නායකත්වයට තරඟ කළ කරු ජයසුරිය ඡන්ද 26ක් ලබා ගෙන පරාජයට පත් වී ඇත. පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා තරඟ කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 50ක් ලබාගෙන පක්ෂයේ හිටපු ජාතික සංවිධායක රවි කරුණානායක ඡන්ද 8කින් පරාජයට පත් කළේ ය. එජාපයේ ජනප්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේ ය.

කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය. එජාපයේ නායකත්වය සඳහා නිළධාරී මණ්ඩලය වසරින් වසරට තෝරාපත් කර ගැනීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය වුයේ පක්ෂ නායකත්වයේ වෙනසක් ඉල්ලා සිටි කැරලිකාර කණ්ඩායමේ එකඟතාවයෙනි. එජාපය හැර නොගොස් කොතෙකුත් අභියෝග ජය පරාජයන් මැද පක‍ෂය තුළ සිටි සජිත්, රවී, දයාසිරි, දයා ගමගේ වැනි අයට පක‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පිළිගැනීමක් තිබී ඇති බව නිලවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරිමේ දී පෙනී යයි. පක‍ෂයේ ජෙ‍ය්‍යෂ්ඨ, කණිෂ්ඨ බහුතර පිරිසක් සජිත් ප්‍රේමදාස පක්ෂයේ අනාගත නායකයා විය යුතුය බවත් ඒ සඳහා ඉවසීමෙන් හා සංගමයෙන් ඉදිරියට යාම සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට ඔහු ඔසවා තබා ඇති බව ප්‍රතිඵල දෙස මැදිහත්ව බැලිමේ දී පෙනී යයි. පක්ෂයේ ජෙ‍ය්‍යෂ්ඨයින් බොහෝ දෙනෙක් සජිත්ට පක‍ෂයේ නායකත්වය අනාගතයේ දී හිමි විය යුතු බවත් ඒ සඳහා ඔහු දේශපාලනික ව විනාශ නොකර ඉදිරියට ගෙන යා යුතු බවත් මෙම ප්‍රතිඵල තුළින් විදහා දැක්වේ. එජාපයට රිදී සිනුවක් බඳු එමෙන්ම දක්ෂ ක්‍රියාකාරිකයෙකු හා සංවිධායකවරයෙකු වන ප්‍රතිභාසම්පන්න දයාසිරි ජයසේකර, ව්‍යාපාරික දයා ගමගේට පරාජය වීම තුළ ගම්‍ය කරන්නේ එජාපයට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ කරන්නේ හොඳ සංවිධායකවරයෙකු නොව එජාපයේ වාණිජ දුප්පත්කමින් ගොඩ ගත හැකි ව්‍යාපාරිකයෙකු බවයි.

එජාපය මන්ත්‍රීවරුන්ගේ වැටුප් වලින් හෝ කැට හෙලවීමෙන්, ස්ටීකර් විකීණිමෙන්, පත්තර විකිණීමෙන් හා ආධාර පත්‍ර වලින් නඩත්තු කළ හැකි දේශපාලන පක්ෂයක් නොවේ. පක්ෂයට ආධාර උපකාර කළ කළ ධනවතුන්, ව්‍යපාරිකයන් පක්ෂය මඟ හැර ඇත. එබැවින් පක්ෂය මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරිමේ වගකීම දයා ගමගේගේ උරමත පැටවෙන බවත් පක්ෂය බිම් මට්ටමින් ගොඩනැගිමේ වගකීමට උරදීමට සිදුවන්නේ නියෝජ්‍ය නායක ධුරයේ සිටින සජිත් ප්‍රේමදාසට ය. රනිල් වික්‍රමසිංහ පක්ෂයේ අභ්‍යන්තර මණ්ඩල තුළ විශ්වාසය ඇතත් රට තුළ එජාප සාමාජිකයින් අතර ප්‍රසාදයක් නැත. එහෙත් රනිල් දැන් පක්ෂයේ ව්‍යවස්ථානුකූල නායකයා ය. ඔහුට හිස නැමීම හෝ නොනැමීම පක්ෂයේ නියෝජිතයින්ගේ හා පාක්ෂිකයින්ගේ වැඩකි. ඒ දෙස බලා සිටිනවා හැරෙන්නට අපට කළ හැකි කිසිවක් ද නැත.

එහෙත් මෙහි දී පහසුවෙන් මඟ හැර යා නොහැකි දේශපාලන ඛේදාන්තයක් ඇත. එය නම් මහනායක හිමිවරුන්ගේ ආශීර්වාදය මැද එජාප නායකත්ව සටනට ආ මහෝපාසික කරු ජයසුරියගේ දේශපාලනික පරාජයයි. සජිත්ට නියෝජ්‍ය නායකත්වය සඳහා ඡන්දය දුන් 50 දෙනාවත් දයාසිරිට ඡන්දය දුන් 36 දෙනාවත් නිලවරණයේ දී කරූට ඡන්දය නොදුන්නේ ඇයි? කරු වෙනුවෙන් ඔවුන් පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය තුළ කැම්පේන් කලේ නැද්ද? එසේ නැත්නම් සැලසුම් සහගතව කරු මෙම ඛේදජනක ඉරණමට ඇඳ දැමුවා ද? පක්ෂ නායකත්වයෙන් රනිල් පැන්නීමේ කිලි මහරාජාගේ එම්ටීවී සිරස නාලිකාවේ ව්‍යාපෘතියට කරූ ගොදුරු වුවා ද? රනිල් පැන්නීම සඳහා සජිත්ගේ නායකත්වයෙන් දියත් කෙරුණු කැරැල්ල ගිය වසරේ පරාජයට පත්වීමෙන් පසු රනිල් සමඟ සටනට කරූ අභිමුඛ කෙරුවේ කිලි මහරාජා ද? එසේ නැත්නම් තිරු නඩේසන් ද? ටිරාන් අලස් ද? තුෂාර ගුණරත්න ද? උපුල් ජෝශප් ද? කරූ දේශපාලනික වශයෙන් දං ගෙඩියට යවා විසංයෝජනය කිරිමේ උවමනාව තිබුණේ කාට ද?

තමන්ට කිසිසේත් වාසිදායක නොවන ක්‍රිඩා පිටියකට කරූව ඇතුල් කලේ අනාගත එජාපය තුළ සිංහල බෞද්ධ නායකත්වයක් බිහි වීම වළක්වනු සඳහා ද? එජාප නායකත්වයට කරූ ජයසුරිය පත් වීම ජනපති මහින්ද රාජපක්ෂට බියකරු නපුරු සිහිනයක් වුයේ ද? එසේ නැත්නම් අනාගතයේ දී කරූ ජයසුරියගෙන් තිඛෙන දේශපාලනික අභියෝගය දැක කල්වේලා ඇතිවම එජාපය තුළම නායකත්ව තරඟයට කැඳවා එජාපය තුළම මකබෑවීමට කටයුතු කළා ද? මේ සටනට මාධ්‍ය අවකාශය තුළ දිරි දුන් මහරාජා වෙළඳ ව්‍යාපාරය පරාජය වී දේශපාලනය ජය ගැනීම ගැන අප සතුටු වන්නෙමු. පක්ෂයක නායකත්වය වෙනස් කිරීමට මාධ්‍ය ආයතනයකට හෝ වාණිජ සමාගමකට ඉඩ දිය යුතු නැත. කිලි මහරාජාගේ න්‍යාය පත්‍රයට එජාපය පමණක් නොව රටේ කිසිදු දේශපාලන පක්ෂයක් තබා මරණාධාර සමිතියක්වත් යටත් විය යුතු නැත. සිරස මාධ්‍ය ජාලය නම් දැලට අපේ මුළු සමාජයම කොටු වී ඇත. මහාරාජා සමාගම ශ්‍රි ලංකා සමාජය මත එළා ඇති මේ දැලෙන් අපේ සමාජය නිදහස් විය යුතු ය.

ගර්හිත වුවත් රනිල් ඒ සටන අරඹා ඇත. රනිල් මාධ්‍ය හමුවක දී සිරිකොතේ බුදුපිළිමයට වැදුණු ගලක් කිලි මහරාජාට බාරදීම සංකේතාත්මකව වැදගත් වුවත් සිරිකොතේ බුදුපිළිමයට ගල් ගැසු බෞද්ධ විරෝධි, ක්‍රිස්තියානි මුලධර්මවාදී කොටි හිතවාදී එජාපය තුළ සැඟව සිටින රෝසි, එරාන්, ජෝෂප්, ජෝන්, සුජීව ඇතුලූ මුලධර්මවාදී කල්ලි හදුනාගෙන ඔවුන්ට ගල් ගසන්නට සැබෑ දේශප්‍රේමී, ජාතිප්‍රේමී එජාප පාක්ෂිකයින් පෙරට එන්නේ කවදා ද? එතෙක් රනිල් වික්‍රමසිංහට සිදුවන්නේ තමන්ට ගැසු ගල් රැගෙන මහනායක හිමිවරු ඉදිරියට ගොස් හඬන්නටත් කිලි මහරාජාට ගල් බාර දෙන්නටත් පමණි.

– සපුමල් මොණරවිල