Mon. Jul 1st, 2024
Spread the News
Image 8

උතුරු නැඟෙනහිර අයත් වන්නේ සිංහල ශ්‍රී ලංකාවට නොව දෙමළ ඊළමයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

නිදහසින් පසුව මෙරට පැවතියේ සිංහලයින්ගේ ආණ්ඩු පමණක් බවද හෙතෙම සඳහන් කර තිබේ. පළාත් සභා අහෝසි කළ යුතු බවට ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පළකරමින් විග්නේශ්වරන් මහතා යවන ලද ලිපියේ ඉහත කරුණු සඳහන් කර ඇත. මිලියන 22 ක ජනගහනයක් ඇති රටකට පළාත් සභා සුදුසු නොවන බව මොරගොඩ මහතා සඳහන් කර තිබේ.

චතුර පමුණුව -Divaina