Mon. Jul 1st, 2024
Spread the News
Image Courtecy Sri Dalada Maligawa

සිංහල බෞද්ධ රජ්ජයේ ආරක්ෂාව ඔබ කථාකරණ දේශපාලනයේ නියමුවන්ගේ ආරක්ෂාවට වඩා අපට වටිනවා.

ඒ අයි කිවහොත් දේශපාලන පක්ෂයේ ආරක්ෂාව ඔබේ චන්ද සම්මුතියේ ආරක්ෂාවයි. නමුත් රටේ නියම ආරක්ෂාව වන්නේ මේ රටේ සැබැ අයිතිකරුවන්ගේ හා එම ජාතියේ අනාගත පැවැත්ම හා ඔවුන්ගේ සුවදේශික සංස්කෘතියේ ආරක්ෂාවයි. එය තරමක වෙනත් විදිහකින් කිවහොත් ජාතික ආරක්ෂාව යනු ජාතියේ භෞතික ඒකාග්‍රතාවය සහ භූමි ප්‍රදේශය ආරක්ෂා කිරීමේ හැකියාවයි. තවදුරට ඔබහට උගන්වනු ලබතොත් මවුබිමෙන් පිටත ලෝකයේ සෙසු රටවල් සමඟ එහි ආර්ථික සබඳතා සාධාරණ කොන්දේසි මත පවත්වාගෙන යාමට; එහි ස්වභාවය, රට තුල සුවදේශික ආරක්ෂණ ආයතනය සහ පාලනය පිටතින් සිදුවන බාධා වලින් ආරක්ෂා කර ගැනීමට; සහ එහි දේශසීමා පාලනය කිරීමට ඇති හැකියාවයි.අභ්‍යන්තර හෝ බාහිර ප්‍රචණ්ඩත්වයේ හෝ ප්‍රහාරයේ තර්ජනයෙන් ආරක්ෂා වීමට රටකට ඇති හැකියාව ද එහි ජාතික ආරක්ෂාව ලෙස හැඳින්වීම සුදුසු වේ.

කෙතරම් දුෂ්කර කාර්යයක් වුවද, අපගේ ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන සමඟ නොපැකිලි, නොබියව සිංහල බෞද්ධ අප කටයුතු කළ යුතුය. සිංහල බෞද්ධ ක්‍රමයට අනුව රජු පත් කරගන්නේ බුද්ධාගම ආරක්ෂා කරගැනීම පිණිසය කියා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයටතේ වුවද සදහන් වේ. බුද්ධාගම ආරක්ෂා කිරීම පිණීස වර්ෂ 2500ක් ම සිංහල රාජධානියෙහි තිබුණු තත්ත්වයකි. එම අයිතිය සිංහල බෞද්ධ අපගෙන් නොවිමසා නිස්චේදය කිරීමට වර්තමානයේ පවතින, ඉන්න , හිටින කිසිම පුද්ගලයෙකුට හෝ එලොවින් මෙලොවට් පහත්වුනු බටහිරින්,අරාබියෙන්,හෝ අල්ලපු රවලින් පැමිනෙනෙන,පැමිණ සිටින හොටබරියන්ට හෝ කිසිම ,රජයකට,ආණ්ඩුවකට ,දේශපාලන පක්ශකයට වෙනත් ආගමකට දහමකට බැරිය.හිසේ අමාරුවට කොට්ට මාරු කරන්නා සේ නිවට නියාලු ආකාරයෙන් ඇමති පුටු, අර පුටු මේ පුටු,ජනධිපති පුටු මරුවෙන්ද, පක්ෂ පාට හෝ තනිපුද්ගල පක්ෂ හෝ ත්‍රස්තවාදීන් හෝ මැරයන්ටද මේ සිංහල බෞද්ධයන්ගේ අනුලන්ඝනිය අයිතීන් පසෙකලා කටයුතු කිරීමට කිසිම නීතිමය තත්වයක් අපරට තුල නැත.

පෙර සිරිත් විරිත් අනුව පළමුවෙන් ම සිදුකරන්නේ රජකමට සුදුසු බෞද්ධ කුමාරයකු තෝරා ගැනීමයි. ඒ තෝරාගත් කුමාරයා ඒ සඳහා විශේෂයෙන් තැන මඩපයක දී මහාසංඝයා ද රට කරවන නිලධාරීන් ද මහජනයා ද ඉදිරිපිට දී,මෙසේ පැවසිය යුතුය.

“ත්වං රාජධම්මේසු ඨිතෝ ධම්මේන සමේත රජීජං කාරේහි” : කියා ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ සහ සේට්ඨි යන තුන් පිරිස අතිත් අහිශේක ලබයි. මෙහි අර්ථය නම් රාජ ධර්මයෙහි පිහිටා දැහැමින් සෙමෙන් රජකම කරනු යනුය.

අනතුරු ව තෝරාගත් තැනැත්තා ”මම දැහැමින් සෙමත් ( ධමේ සමෙන) රජකම් කරමි, නොකළ හොත් මගේ හිස හත් කඩකට පැමයි ශාප කළා සේ පිළිගනී. මේ බව “වංසත්තප්පකාසිතීය” පැහැදිලිව සඳහන් කරයි.

මෙම පෙර අපරටේ නීතිමය ක්‍රමයවන්නේ පත් වෙත පුද්ගලයා බෞද්ධයකු විය යුතුවා පමණක් ම නොව එකී රජ තනතුර ද රාජ සංකල්පය ද බෞද්ධ විය යුතු බවයි. එදා රජ තනතුර බෞද්ධ වුයෙන් ඊට පත්විය හැක බෞද්ධයකුට පමණි. යම්කිසි පුද්ගලයෙකු රජු බවට පත් වීමෙන් පසු ඔහු එම තනතුර දරන තාක් එම පුද්ගලයාට හෙවත් රජතුමාට බුද්ධාගම අත්හළ නොහැක. ඒ නිසා රජතුමා වෙනත් ආගමික පල්ලි සහ කෝවිල් ගානේ ගොස් මාර රාජ්ජයේ පැවැත්ම උදේෂා තුටුදෙන පුද පුජා පවත්වා යාඥා නොකළ යුතු ය. පස්පවූ , දශ අකුසල්, නොකල යුතුය. පංච ශීලයෙහිම පිහිටිය යුතු ය. අන්න එවිට පමණයි රජතුමා ශාසන භාරධාරී වන්නේ එවිට ය. එවන් ආකාරයෙන් තම දිවි පැවැත්ම නොකරණ , නොකටන පුද්ගලයෙක් වුවහොත් එම ආඥාවල් කඩ කළහොත් ඔහුට රජකම අහිමි වේ.

යම් හෙයකින් රජතුමා සිංහල බෞද්ධ නීතියට පටහැනිව අධාර්මිෂ්ටව පාලනය කරයිනම්,එදා පෙර සිරිත් නිතිය අනුව සිංහල නීතියේ අනුව රජතුමාව රාජත්වයෙන් ඉවත් කිරීම ඇමති මණ්ඩලය විසින් කළේය. ඇමති මණ්ඩලයේ සිමාව කඩා බිඳ දමා ඔවුන්ව පන්නා දමන්නට රජතුමෙකුටවත් එදා බැරිබව සිංහල නිතිය දන්නා සියලුම දෙනා පැහැදිලිව දනී. මෙය ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක්ය. මෙය අනිත් පැත්තටත් එසේය රජතුමා දැහැමින් සෙමෙන් රාජ්‍ය කටයුතු කරගෙන යාමේදී ඇමති මණ්ඩලය විසින් රජතුමාව රජ පුටුවෙන් පන්නා දැමිමිට බැරි බවද මෙයින්ම් උදෘත කරගත හැකිය.

සිංහල බෞද්ධ රජ්ජයේ ආරක්ෂාව ඔබ කථාකරණ දේශපාලනයේ නියමුවන්ගේ ආරක්ෂාව හෝ දේශපාලන ජයගැනිමකට පත්වීමට වඩා අපහට වටින්නේ සිංහල බෞද්ධ රාජ්‍යයේ ආරක්ෂාව මහා සම්මුතියේ ආරක්ෂාව වන බැවීනි. රටේ නියම ආරක්ෂාව වන්නේ මේ රටේ සැබැ අයිතිකරුවන්ගේ හා එම ජාතියේ අනාගත පැවැත්ම හා ඔවුන්ගේ සුවදේශික සංස්කෘතියේ මුර්තියේ එනම් බෞද්ධ රජ්ජයේ ආරක්ෂාවයි.

අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ..
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ..
රජෙක් ලැබුනෝතින්…
කැවුම් කිරිබත් කඤ්ඤං..
පෙරහර කරඤ්ඤං…
සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං..

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ සත් ධර්මය චිරාත් කාලයක් වැජබේවා.

බෞද්ධ ධජය ඔසවමු …

ඔබ සැමට තෙරුවන් සරණයි!

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති,

TCFBI PEC සභාපති සදාචාර විරෝධී බෞද්ධ ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ

TCFBI ජාත්‍යන්තර සම්බන්ධීකාරක,

සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2024-01-01