Fri. Jul 5th, 2024
Spread the News

Divaina: 

පොලිසිය විසින් නීති විරෝධි යෑයි කියා ස්‌වර්ණහංස පදනමෙන් අත්අඩංගුවට ගනු ලැබූ සිංහලේ සිංහ කොඩි, පොලිසිය විසින්ම නිති විරෝධී නැතැයි ප්‍රකාශ කරමින් ස්‌වර්ණහංස පදනමට භාර දෙයි. මේ පසුගිය දිනවල බොහෝ පුවත්පත්වල පළව තිබූ ප්‍රවෘත්තියකි.

ඒ පිළිබඳව ඇතැම් පුවත්පත්වල, පළකොට තිබූ ප්‍රවෘත්ති අනුව පොලිසිය විසින් ඉකුත් පෙබරවාරි මස 10 වැනි දින ස්‌වර්ණහංස පදනම විසින් කොළඹ නිදහස්‌ චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිත විද්වත් සාකච්ජාවක්‌ සඳහා ගෙනැවිත් තිබූ සිංහලේ කොඩි අත් අඩංගුවට ගත්ත ද, එහි කිසිඳු නීති විරෝධීභාවයක්‌ නොමැති නිසා පොලිසිය විසින් ආපසු ස්‌වර්ණහංස පදනමට භාර දීම විශේෂ සිද්ධියක්‌ වේ, යනුවෙනි.

එය විශේෂ සිද්ධියක්‌ වන්නේ කෙසේ ද? ඊට දීර්ඝ ඉතිහාසයක්‌ මෙන්ම කෙටි ඉතිහාසයක්‌ ද ඇත. කෙටි ඉතිහාසය මෙසේය.

පසුගිය කාලයේ දේශපාලන වශයෙන් මෙන්ම නියත වශයෙන් මහත් ආන්දෝලනයක්‌ ඇති කරන ලද සිදුවීමක්‌ වූයේ අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඪාභය රාජපක්‍ෂ මහතා කැඳවා තිබූ අවස්‌ථාවේ එහි රැස්‌ව සිටි පිරිස අතර බොහෝ දෙනෙකු සිංහලේ සිංහ කොඩි ඔසවාගෙන සිටීමයි. එසේ ඔසවාගෙන සිටි අය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක්‌ ඇතුළු විශාල පිරිසක්‌ සිටියහ. හිටි හැටියේ රැස්‌ව සිටි අය අතර කසු කුසුවක්‌ ඇති වූ අතර පසුව එය බහින් බස්‌ වීමක්‌ බවට පත්විය. ඒ රැස්‌ව සිටි අය සිංහලේ සිංහ කොඩි ඔසවාගෙන සිටීම නිසයි. ඒවා නිති විරෝධී කොඩි බවත්, එම කොඩි ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බවත්, එසේ කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ප්‍රකාශ විය. එහිදී රැස්‌ව සිටි දේශපාලුවන් බොහෝ දෙනා කියා සිටියේ තමන් නොදැනුවත්ව එම කොඩි ඔසවාගෙන සිටි බවයි. ඒ අතර ඒ පිළිබඳ පොලිසියේ පැමිණිලි කරන ලදුව, පොලිස්‌ පරීක්‍ෂණය පැවැත්වූ බවද, පසුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබූ බවද පුවත්පත් වල පළ විය. ඒ සමගම ඒ දිනවල බොහෝ විද්යුත් මාධ්‍ය ජාලාවන් දින කීපයක්‌ තිස්‌සේම විවිධ දේශපාලුවන් යොදාගෙන ප්‍රචාරය කරවනු ලැබුයේ සිංහලේ සිංහ කොඩි නීති විරෝධී කොඩි බවත් ඒවා ප්‍රදර්ශනය කරන්නන්ට විරුද්ධව දැඩි ද`ඩුවම් පැමිණ විය යුතු බවත්ය. ඒ අතර එහි දී සිංහලේ සිංහ කොඩි අතැතිව සිටි බොහෝ දෙනෙකු කියා සිටියේ, ඒවා සිංහලේ සිංහ කොඩි බවත්, ඒවා සිංහල ජාතියේ අනන්‍යතාවේත්, ස්‌වාධිපත්‍යයේත් සංකේත බවත්, ඒවා එදා අල්ලස්‌ හෝ දූෂණ කොමිසම ඉදිරියේ ප්‍රදර්ශනය කළේ, සිංහලේ කොටසක්‌ අල්ලාගෙන සිටි ත්‍රස්‌තවාදීන් පරාජය කර දමා සිංහලේ රට රැක දුන් සෙන්පතියෙකු වෙනුවෙන් පෙනීසිටීම සඳහා බවත්ය. තවදුරටත් ඔවුන්ගේ අදහස වූයේ මේවා සිංහලේ සිංහ කොඩි බවත්. ඒවා තහනම් කරන්න හෝ නීති විරෝධී කරන්න හෝ කිසිවෙකුට නොහැකි බවත්, ඒවා ප්‍රදර්ශනය කිරීම තහනම් කරපු නීතියක්‌ නොමැති බවත් එහෙම නීතියක්‌ තියෙනව නම් ඒක ක්‍රියාත්මක කරන තුරු ඔවුන් බලා සිටින බවත්ය.

ඒ අතර ඒ දිනවලම සිංහලේ සිංහ කොඩි දැමීම පිළිබඳ තවත් සිදුවීමක්‌ විය, ඒ මහනුවර කඩුගන්නාවේ, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ඔවුන් සංවිධානය කරනු ලැබූ රැස්‌වීමක රැස්‌වීම් භූමිය වටා සිංහලේ සිංහ කොඩි ඔසවා තිබීමයි. ඒ පිළිබඳව පුවත්පත් වල පළවූ වාර්තාවලින් කියෑවුණේ, සිංහලේ සිංහ කොඩි ප්‍රදර්ශනය කිරීම නිසා, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා අත්අඩංගුවට ගෙන උසාවියෙන් ඇප පිට නිදහස්‌ කර බවයි. උසාවියට ගෙන යනු ලබද්දි, ප්‍රාදේශීය සභා සභාපතිතුමා, යකෝ මේ සිංහලයන්ගේ රටේ සිංහලේ කොඩිය ප්‍රදර්ශනය කරන්නත් බැහැනේ, මේක හරි කෙළියක්‌ නේ, කියමින් උසාවියට ගිය බවද පුවත්පත් වල පළ වී තිබිණ.

ඊට කලකට පළමු තවත් සිදුවීමක්‌ විය. ඒ මහනුවර දළදා මාළිගය අසල මඟුල් මඩුව අභියස. වාරියපොල සුමංගල හිමි සමරමින් සිංහලේ සිංහ කොඩිය එසවීමයි. එය මාධ්‍යවලින් ප්‍රචාරය කර තිබුණේ කන්ද උඩරට ගිනිගැනීමක්‌ වශයෙනි. අනතුරුව ඒ පිළිබඳව පුවත්පත්වල පළකර තිබුණේ සිංහලේ සිංහ කොඩිය එසවීම පිළිබඳ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බවයි. එහෙත් එදා එම ස්‌ථානයේ සිංහලේ සිංහ කොඩිය එසවූ සවර්ණහංස පදනමට විරුද්ධව නඩු පැවරීමක්‌වත්, ද`ඩුවම් කිරීමක්‌වත් කළේ නැත. ඊට පෙරද වසර දහයකට අධික කාලයක්‌ තිස්‌සේ පූජ්‍ය වාරියපොල සුමංගල හිමි අනුස්‌මරණය වසරක්‌ පාසා පැවැත් වූ ස්‌වර්ණහංස පදනම ඒ සෑම අවස්‌ථාවකම මහනුවර ශ්‍රී දළදා මාළිගය අභියස මහමළුවේ, වාරියපොල සුමංගල හිමි ප්‍රතිමාව ඉදිරියේ ඔසවන ලද්දේ ද, සිංහලේ සිංහ කොඩියයි. ඇතැම් අවස්‌ථාවලදී, එම කොඩිය ඔසවන ලද්දේ මධ්‍යම පළාතේ මහ ඇමැතිතුමන් විසිනි. නැත්නම් දියවඩන නිළමේ තුමන් විසිනි. එසේත් නැත්නම් ඒ දෙදෙනාම විසිනි.

ඒ සිංහලේ සිංහ කොඩිය නිති විරෝධී කොඩියක්‌ නොවන නිසා පමණක්‌ නොව, එය සිංහලේ සැබෑ කොඩිය වන නිසාය.

එහෙත් පසුගිය කාලයේ දිsගින් දිගටම සිංහලේ සිංහ කොඩිය එසවීමට විරුද්ධව ආන්දෝලනය ඇති කළේ කවුරුන්ද? කුමක්‌ සඳහා ද?

1815 මාර්තු 2 දා සිංහලයන් විසින් තමන්ගේ රටේ පාලනය ඉංගිරිසින්ට භාර කරනු ලැබූ අවස්‌ථාවේ ඔසවන ලද සිංහලේ සිංහ කොඩිය, යළි මේ රටේ ඔසවන ලද්දේ 1948 පෙබරවාරි 4 දාය,

1815 මාර්තු 02 දින මහනුවර මඟුල් මඩුවේ දි සිංහලේ කියන්නේ සිංහලයන්ගේ රට බව, ඊට සාධක වශයෙන් සිංහලේ ඔප්පුව වූ සිංහලේ සිංහ කොඩිය ඔසවා පෙන්නා දී සිංහලයන් වෙනුවෙන් සිංහලේ නායක කාරකාදීන් විසින් සිංහලේ වැසියන් අභියස දී ගිවිසුමක්‌ ලියා ඉංගී්‍රසීන්ට භාර දුන්නේ සිංහලේ නම් රටයි. වගන්ති දොළසකින් යුත් එම ගිවිසුමේ සෑම වගන්තියක්‌ පාසා සිංහලයෙන් ලියෑවී ඇත්තේ මේ රටේ නම සිංහලේ යනුවෙනි. ඒ අතර ඒ සෑම වගන්තියකටම සමාන්තරව ඉංගිරිසියෙන්ද ලියා ඇති වගන්තිවල දක්‌වා ඇත්තේ රටේ නම සිලෝන් වශයෙනි. සිංහල අපේ රට ඉංග්‍රීසීන් හැඳින්වූයේ සිලෝන් වශයෙන් වන නිසාය.

සිංහලයන් සිංහලෙන් ලියු, ඉංගිරිසීන් ඉංගිරිසියෙන් ලියූ එම ගිවිසුමේ සිංහලයන්ගේ පැත්තෙන් ඉතා වැදගත් වගන්තියක්‌ ඇතුලත් කරනු ලැබූ අතර ඉංග්‍රීසීන් විසින් ද ඔවුන්ට ඉතා වැදගත් වගන්තියක්‌ අතුලත් කර ගැනීමට ඔවුහු වග බලා ගත්හ. සිංහලයන් විසින් ඔවුන් අදහන්නා වූ බුද්ධශාසනයේ ආරක්‍ෂාවට වගන්තියක්‌ ඇතුලත් කරගත් අතර, ඉංග්‍රීසීන් විසින්, රට අල්ලා ගත්තේ එය සූරාගෙන කෑම පිණිස වන නිසා, රට ගිවිසුමෙන් ඉඩකඩ ලබා ගැනීම අරමුණු කරගෙන විවෘත වෙළෙඳාම පිළිබඳ වගන්තිය ඇතුළත් කර ගනු ලැබීය.

එසේ 1815 මාර්තු 2 දා සිංහල ඉංග්‍රීසියෙන් ලියන ලද ගිවිසුමකින් ගත් රට තමන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීමට, සුදුසු පරිදි සමාජ ආර්ථික වශයෙන් ප්‍රතිසංස්‌කරණය කොට, එය ඒ විදියටම ඉදිරියටත් පවත්වාගෙන යැමට හැකි පිරිසක්‌ පුරුදු පුහුණු කොට ආපසු භාර දුන්නේ ඉංග්‍රීසියෙන් පමණක්‌ කරන ලද ප්‍රකාශයකිනි. එහි මේ රට හැඳින්වූයේ සිලෝන් වශයෙනි. ප්‍රකාශය සිංහලෙන් කර නැති නිසා, සිංහලේ, යන්න ද නොකියෑවිණ, ඒ අනුව ආපසු දුන්නේ සිලෝන් නමින් හැඳින්වෙන රටක්‌ බවත් රටේ නම සිලෝන් බවත් ජනතාව අතර ප්‍රචලික වු අදහස්‌ය.

ඉංග්‍රීසීන් විසින් ගත්තේය කියන සිලෝන් ඔවුන් විසින් ඒ නමින් ම භාර දුන්නේය. එසේම 1815 මාර්තු 2 දා මහනුවර දි එස වූ සිංහලේ සිංහ කොඩිය ද, 1948 පෙබරවාරි 4 දා නිදහස දෙන විට ද ඔසවනු ලැබිණ. එහෙත් එම අතරතුර දී බරපතළ වෙනසක්‌ ද කර තිබුණි. එනම් ඉංග්‍රීසීන් විසින් සිලෝන් යනුවෙන් සිංහලයන්ගෙන් ගත් සිංහලේ ආපසු සිලෝන් යනුවෙන්ම දුන් නමුත් දුන්නේ සිංහලයන්ට නොවේ. සිංහල ජාතියට නොවේ. තවත් ජන වර්ග කීපයකින් යුත් සීලනීස්‌ලාටය,

ඊට හේතුවක්‌ ඇත. එනම් 1815 උඩරට ගිවිසුමේ ,විවෘත ආර්ථිකය, පිළිබඳ වගන්තියේ හැටියට මේ රට සූරාගෙන කෑම සුරක්‍ෂිතව, කරගෙන යැමට නම් රටේ එකිනෙකාගෙන් වෙන් වූ එකිනෙකා ඇන කොටා ගන්නා ජන වර්ග කීපයක්‌ තිබිය යුතුය. එය රටක්‌ සූරා කෑම සඳහා පූර්ව අවශ්‍යතාවයයි. ඒ අනුව 1948 නිදහස දෙනු ලැබුවේ සිංහල, දෙමළ, මුස්‌ලිම් යන කාටත් මේs රට අයිතියි යන හැ`ගීම හා පිළ්ගැනීම ඇති කරන ලද ජනතාවකටය. ඒ අනුව 1848 දී නිදහස දෙන විට සිංහලේ සිංහ කොඩිය එසවීමට සෙසු ජන කොටස්‌ විරුද්ධ වූහ. විශේෂයෙන්ම දෙමළ ජනයා එදින එසවූයේ ඇතැම් තැනෙක ඉංග්‍රීසීන්ගේ ඉංගිරිසි කොඩියයි. ඇතැම් තැනෙක හින්දි කොඩියයි, තවක්‌ තැනෙක කළු කොඩියයි.

මෙහිදී ඉංග්‍රීසීන්ගේ බලපෑම පරිදි සියලු ජන කොටස්‌ නියෝජනය වන කොඩියක්‌ නිර්මාණය කිරීමට මේ රටේ නායකයන්ට සිදුවිය. අද භාෂාවෙන් කියන්නේ නම් විවිධ ජාතීන්ගේ සාධාරණ අයිතිවාසිකම් ලබා දීමට, හා ස්‌වයං තීරණ ගැනීමට අයිතිය ලබා ගැනීමට හැකිවන පරිදි, ඊට පසුබිම සැකසෙන කොඩියක්‌ නිර්මාණය කිරීමට සිදුවිය.

ඒ අනුව මේ රටට නව කොඩියක්‌ නිර්මාණය කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්‌ පත් කරනු ලැබිණ. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ ටී බී ජයා, ජෝන් කොතලාවල, ෙ-. ආර්. ජයවර්ධන, ලලිත රාජපක්‍ෂ, ජී ජී. පොන්නම්බලම් හා සෙනට්‌ මන්ත්‍රී එස්‌. නඩේසන් යන මංත්‍රීවරුන්ය. කමිටුවේ සාමාජිකයන් විසින් විවිධ අයගේ අදහස්‌ සලකා බලා යෝජනා කරනු ලැබූ කොඩිය වූයේ, සිංහලේ සිංහ කොඩියට දෙමළ හා මුස්‌ලිම්වරුන්ගේa නියෝජනය දැක්‌වීම සඳහා ගුරු පාට හා කොළ පාට තීරු දෙකක්‌ ඇමිණීමයි. අමුණා එක කොඩියක්‌ හැදීමයි.

ඒ පිළිබඳ කමිටු සාමාජික සෙනට්‌ මන්ත්‍රී නඩේසන් මහතා සිය බලවත් විරෝධය පළ කළේය. ඔහු කියා සිටියේ, සිංහලේ සිංහ කොඩියට මෙසේ පටි එකතු කිරීමෙන් කරනු ලබන එකම දෙය වන්නේ ජාතිය කොටස්‌ කර වෙන් කර දැමීමට පාර කැපීම බවයි. ඒ බව තරයේ ම කියා සිටියද, කොමිටිය එය පිළිගත්තේ නැති නිසා, නඩේසන් මහතා කළේ වෙනම වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමයි.

අනතුරුව කොඩිය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඇති වූ සාකච්ඡාවේ දී ඊට විරුද්ධව එවකට මඩකලපුවේ දෙවැනි මන්ත්‍රී ආර්. සින්නලෙබ්බේ, හා ඒ. ඊ. ගුණසිංහ යන මන්ත්‍රීවරුන් යෝජනාවක්‌ ඉදිරිපත් කළ ද එය ෙ-. ආර්. ජයවර්ධනගේ හා බණ්‌ඩාරනායකගේ කටේ බලෙන් පරාජය කර දමා, කමිටුවෙන් ඉදිරිපත් කළ තීරු සහිත, බෙදුම් කොඩිය පිළිගනු ලැබිණ. එය සිංහලයන්ට අයත් සිංහලේ නම් වූ රට දෙමළ හා මුස්‌ලිම් අයටත් අයත් කර දීම සඳහා මේ රටේ ආණ්‌ඩුව විසින් ලබා දුන් පළමු ප්‍රතිපාදනය වේ. සිංහල රටත් ජාතියත් කැබැලි කර දැමීමේ වැඩපිළිවෙළේ පළමු පියවර වේ.

මේ සිංහල රට සිංහල ජාතියට අයත් නොවේ යෑයි ද, එය දෙමළ හා මුස්‌ලිම් ජාතියටත් අයත් යෑයි යන හැ`ගීම ලෝකයා තුළ ඇති කරලීම සඳහා බෙදුම්වාදී, මාක්‌ස්‌වාදී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා විසින් ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ මගින් රටේ නම, ශ්‍රී ලංකා, කරනු ලැබීම. එය රට ජාතිය කැබැලි කරලීම සඳහා වූ ආණ්‌ඩුවේ වැඩ පිළිවෙළේ දෙවැනි පියවර වේ.

රටක ජාතියක්‌ හඳුනාගනු ලබන්නේ ද, ජාතියක්‌ එකට එකතු කොට බැඳ තබන්නේ ද, ජාතිය කතා කරන බසිනි, භාෂා දෙකයි, එක රටයි, භාෂා එකයි රටවල් දෙකයි, යන කීම නිසා ඔලු තුනේ බූරුවා වශයෙන් ප්‍රසිද්ධියට පත් කොල්වින් ආර්. ද සිල්වාගේ බූරු න්‍යාය පිළිගත් විවෘත ජාවාරම්වාදී ෙ-. ආර්. ජයවර්ධන විසින් මේ රටේ දෙමළ භාෂාවත් රජයේ භාෂාවක්‌ බවට පත් කරනු ලැබිණ. එය මේ රට දෙකඩ කිරීමේ තුන්වැනි පියවර වේ. විවෘත ජාවාරමේ ක්‍රමයත් ජාතික අසමගියෙන් එකට බැඳී ඇති දේශපාලන නිවුන්නුද බව එහිදී තවදුරටත් පැහැදිලිය.

ඒ සමඟම ඉන්දියාවේ පරිප්පුව, කා ජාතික කොඩිය යෑයි කියනු ලබන බෙදුම් කොඩියෙන් දක්‌වා ඇති පරිදි මේ සිංහල රට කැබැලි කර දැමීම සඳහා 13 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව හැදීම රට කඩා කැබැලි කර දැමීම සඳහා ගන්නා ලද සිව්වැනි උත්සාහයයි.

මේ ආකාරයට මේ සියලු උත්සාහයන්ට මුල් වූයේ, මේ සිංහල රටේ සිංහල ජාතියේ ඔප්පුව වූ සිංහලේ සිංහ කොඩියට තීරු/පටි එකතු කිරීමයි. එනම් සිංහලේ ඔප්පුවට හොර වගන්ති ඇතුළත් කිරීමයි. 1815 උඩරට ගිවිසුමෙන් ප්‍රථම වතාවට මේ රටේ විවෘත වෙළෙඳාම ඇති කරගෙන එමඟින් කරන ලද මේ සිංහල රට සුරා කෑම, 1977 වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ රැකීරක්‌ෂා දශ ලක්‍ෂය පෙන්නා ඇති කරන ලද විවෘත ආර්ථිකය වේගවත් කිරීමට සමාන්තරව, එම සූරා කෑම සුරක්‍ෂිත කරගනු සඳහා ඊනියා ජාතික කොඩිය නම් වූ බෙදුම් කොඩියේ දැක්‌වෙන ආකාරයට රට කැබැලි කර දමනු සඳහා බෙදුම්වාදී, ත්‍රස්‌තවාදයක්‌ ඇති කරනු ලැබ ඒ අනුව ඒ අනුසාරයෙන්, හා බලපෑමෙන් පළාත් සභා ඇති කරනු ලැබිණ. එය රට බෙදා දැමීම සම්පූර්ණ කිරීමට පෙර අවස්‌ථාවයි. සම්පූර්ණ කිරීමට තවත් අදියරක්‌ ඇත. එනම් පළාත් සභා පෙඩරල් බවට පත් කිරීමයි. දැන් කෙරෙමින් තිබෙන්නේ පෙඩරල් කිරීමයි.

ගාල්ලගේ පුන්‍යවර්ධන