Mon. Jul 8th, 2024
Spread the News
National Carrier shares the spirit of Vesak with passengers at BIA
Dansala- Picture Courtesy by Google

මොනම හේතුවක් නිසාවත් සර්වසුභවාදී හැඟීම අපේ ජනතාවගෙන් තුරන් වෙන්න ඉඩ නොතැබිය යුතුයි.

රටක ධනාත්මක චින්තනය විදේශ ණය තුළින් ලබා ගන්න බැහැ.

දුර්වල පාලකයින්ගේ අමන ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය හිඟන තත්ත්වයට පත් කලත් තමා ගේ බත්පතෙන් කොටසක් කුසගින්නේ සිටින තවත් කෙනෙකුට දෙන්න තරම් කරුණාවන්ත මිනිසුන් ඉන්න රටක් නැවත ගොඩ ගැනීමට හැකි වන්නේ දෑත් අහසට එසවීමෙන් හෝ ධනවත් කියන රටවල් වල කොන්දේසිවලට යටත්ව ලබාගන්න කාසිවලින් නොවන බව අපි තරයේම සිත්හි තබා ගනිමු.

පාලකයින් ඔවුන්ගේ පැවැත්ම සඳහා රට උගස් කර ඇත.

බීමත්කමට ඇබ්බැහි වූ තාත්තා අම්මා සතු එකම මාලය එසේ නැත්නම් කොටහලු දිනයේ දී දියණියට ලැබුණු රත්තරන් මාල පොට උගසට තබා ඒ මුදලින් තැබෑරුමට ගොස් පදම් වෙන්න බී වැනි වැනී ගෙදර අවුත් කටගැස්මට මොකුත් නැද්ද කියා රණ්ඩු කරන කාලකන්ණි තාත්තා කෙනෙකුගේ භූමිකාවට එහා යන දෙයක් පාලකයින් විසින් ජනතාවට ඉතුරු කර නැත.

තාත්තා ගේ නොමනා හැසිරීම තුළින් දරුවන්ගේ අනාගතය විනාශ විය යුතු නැහැ.

ව්‍යසනකාරී තත්ත්වය තුළ පවා හෙට පිළිබඳ බලාපොරොත්තු අත් නොහැර අපේම රටක් රටේ අපේම හෙටක් නිර්මාණය කර ගැනීමට හැම පුරවැසියෙක්ම උත්සුක විය යුතුයි.

රට ගොඩ ගැනීමට නම් දූෂණයට පමණක් නොව මුළාවටත් තිතක් තැබිය යුතුමයි.

හෙට යනු කාලය පිළිබඳ නිර්ණායකයක් පමණක් නොවන බව ඔප්පු කිරීම අප ඉදිරියේ ඇති දැවැන්තම අභියෝගයයි.
අපි ඒ අභියෝගය බාර ගනිමු. ඊට ධෛර්ය සම්පන්නව මුහුණ දෙමු.

මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා
21.02.2023