Fri. Jul 5th, 2024
Spread the News

සරණාගත වෙස්‌ ගත් ශ්‍රී ලාංකිකයෝ
30 ක්‌ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්

කීර්ති වර්ණකුලසූරිය
source:
සරණාගතයන් ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනකු ඊයේ (20 වැනිදා) මෙරටට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබිණි.

මෙලෙස ශ්‍රී ලංකාවට එවීමට නියමිත ද්‍රවිඩ සරණාගතයන් පිරිස 60 දෙනකු වුවත් වධහිංසාවලට ලක්‌වීමට ඉඩ ඇති බව කියමින් 30 දෙනකු පිටුවහල් කිරීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අධිකරණය විසින් නියෝග කර ඇත.

බ්‍රිතාන්‍ය රජය විසින් මෙම පිරිස්‌ ගුවන්යානාවකින් මෙරටට එවීමට පෙරේදා (19 දා) තීරණය කර තිබිණි.

එහෙත් අධිකරණ නියෝග මත අවසාන මොහොතේදී ගුවන්යානාවේ සිටි අයගෙන් 30 දෙනකු ඉවත් කර ඇත.

මෙලෙස පිටුවහල් කිරීම නතර කරනු ලැබුවන් අතර හිටපු කොටි සිවිල් ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන්ද සිටි බව කියති.

ලන්ඩනයේ සිටින කොටි නීතිවේදිනියක වූ වාසුකි මරුතනාස්‌ විසින් බ්‍රිතාන්‍ය අධිකරණය වෙත පෙත්සමක්‌ යොමු කරමින් පිටුවහල් කරන ද්‍රවිඩ ජාතිකයන් වධහිංසාවලට ලක්‌වීමට ඉඩ ඇතැයි දන්වා ඇත.

මේ නිසා සියලු ද්‍රවිඩ සරණාගතයන් පිටුවහල් කිරීම නතරකරන්නැයි ඇය කළ ඉල්ලීම විනිසුරු විල්කි විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.