Wed. Jul 3rd, 2024
Spread the News

වැරදි සිදුවීම මනුෂ්‍ය ගතියක්. එවැනි මනුස්සයන්ට සමාව දිය හැක්කේ දෙවිවරුන්ට පමණයි කියා අපේ රටේ මිනිස්සු විශ්වාස කරනවා.

අපේ රටේ ආගමික සංදර්භය තුළ දෙවිවරුත් අල්ලස් ගන්නා විට බොරු කියන විට, කිසිම අපරාධකාරයෙක් එවැනි දෙවිවරුන්ගෙන් සමාව බලාපොරොත්තු වන්නේ නැහැ.

බුදුදහමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියාදෙන ” සම්මා සති” නැති කිසිම පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යවනවා තබා කාර්යාලයක කාර්යාල සහයක තනතුරක්වත් නොදිය යුතුයි.

මෙයින් අදහස් කරන්නේ නැහැ හැම මිනිසාම බුදු දහම දැන ගත යුතුයි කියා.

මොන ජාතියට වර්ගයට ආගමට අයත් වුණත් ඔලුව කෙලින් තියෙන්න ඕනේ. සිහි කල්පනාව හොඳ වෙන්න ඕනේ.
ඒකට තමයි “සම්මා සති” කියන්නේ

-තෙවැනි ඇස-
06.11.2023