Fri. Jul 5th, 2024
Spread the News

සියලු සත්වයෝ දුකින් මිදෙත්වා
සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක්‌ පොහොය අද

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

මිලියන 500 ක්‌ වන ලෝක වාසි බෞද්ධ ජනතාවගේ උතුම්ම දිනය වන වෙසක්‌ පොහොය දිනය අදට යෙදී ඇත. අදට යෙදී ඇත්තේ බුද්ධ වර්ෂයෙන් 2560 වන වෙසක්‌ පොහොය දිනයයි. ඒ අනුව මෙම වෙසක්‌ පොහොය දිනයට ගෞතම බුදුන් වහන්සේ පරිනිර්වානයට පත් වී වසර 2560 ක්‌ සම්පූර්ණ වේ.

බුදුන් වහන්සේ පරිනිර්වාණයට අමතරව උන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සිද්ධාර්ථ කුමාරොප්පත්තියද උතුම් වූ වෙසක්‌ පොහොය දිනයේදීම සිදුවී ඇත.

එම කරුණුවලට අමතරව ශාසන ඉතිහාසයේ සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේ තුන්වන වරට මෙරටට (කැලණියට) වැඩමකර ඇත්තේද අද වැනි දිනකය. එමෙන්ම ශත වර්ෂ ගණනාවක්‌ පුරා බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට සහ ගෞරවයට පාත්‍ර වී තිබෙන දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරන ලද රුවන්වැලි මහා සෑය ඉදිකිරීම සඳහා මුල් ගල තබා ඇත්තේ ද අද වැනි වෙසක්‌ පොහොය දිනකය.