Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy HRW.ORG

සමරිසි කතා එන්නේ සමලිංගික ප්‍රවණතාවය හරහායි.

ලෝකය නූතන වෙලා කියා සමහරුන් හඳුන්වන්නේ සමලිංගිකත්වයට ඇති නිදහස හා පිළිගැනීමයි.

සමලිංගික හැසිරීම නිරෝගී හැසිරීමක් ලෙස පිළිගත නොහැක්කේ එය සාමාන්‍යයෙන් ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන ලිංගික ක්‍රියාවෙන් අපගමනය වූ අවස්ථාවන් ලෙස හඳුන්වාදිය හැකි නිසයි.

සත්ත්වයාගේ ආරම්භයේ සිට පරිනාමයේ සෑම අවස්ථාවකදීම ලිංගික කටයුත්ත සිදු වුයේ ගෑනු සතා හා පිරිමි සතා සමගයි. ඒ ප්‍රජනනය සඳහායි.

සමාජය ඊනියා නූතන බව වැලඳ ගැනීමත් සමගම ස්වභාවික හැසිරීම් වලින් අපගමනය වීම නිදහස පිළිබඳ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට විශේෂයෙන්ම බටහිර කාර්මික සමාජ පෙළඹී තිබෙනවා.

අතිශයින් පෞද්ගලික මට්ටමේ සමරිසි සම්බන්ධතාවයක් සමාජය ඉවසුව ද, මෙවන් හැසිරීම් රැල්ලක් සේ පැතිර යාමට ඉඩ සලස්වන්නේ සමාජශීලී බව ප්‍රකාශ කිරීමට නොව සමාජ විරෝධී බව පතුරුවා හැරීම පිණිසයි.

සමරිසි චර්යාව රටේ සදාචාරය මෙන්ම ආර්ථික ක්‍රියාවලියට ද බාධා පැමිණවීමට බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා

– තෙවැනි ඇස-
14.05.2023