Fri. Jul 5th, 2024
Spread the News

සත්ව බිලි පූජාවට එරෙහිව මුන්නේෂ්වරම් හි විරෝධතා

මාදම්පේ – කමල් ප්‍රියංකර source:

මුන්නේෂ්වරම් මහා භද්‍රකාලී කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පූජාවට එරෙහිව මහා සංඝරත්නයේ විරෝධතා පෙළපාලියක්‌ ඊයේ (26) පැවැත්විණි. ජාතික සත්ව හිංසා සුබ සාධක සංගමය හා ජාතික භික්‍ෂු පෙරමුණ විසින් එම විරෝධතා ව්‍යාපාරය සිදුකරන ලදි.

මෙම කෝවිල් භූමියේදී වසරකට එක්‌ දිනකදී එළුවන් හා කුකුළන් පන්සීයක්‌ (500) පමණ ඝාතනය කිරීමට එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි.

මෙම අවස්‌ථාවට ජාතික භික්‍ෂු පෙරමුණේ භික්‍ෂූන් වහන්සේලා දෙසීයක්‌ (200) පමණ සහභාගි වූ අතර සත්ව හිංසා මර්දනය කිරීමේ සංවිධාන රැසක්‌ද ඊට එක්‌විය.

තංගල්ල වජිරගිරි විහාරාධිපති, මිරිස්‌සේ ධම්මවංශ, පස්‌සරමුල්ලේ ධම්මවංශ, මාදම්පේ සුදර්ශනාරාම විහාරාධිපති කිඹුලාපිටියේ ධම්මරතන යන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද මේ අවස්‌ථාවට සහභාගි වූහ.