Spread the News

Posted on September 13th, 2024

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්‍ෂ ගණනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීම සහතික කර ඇති බව හිටපු ඇමති අචල ජාගොඩ මහතා පවසයි.

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වි මේ දක්වා වූ කාලයේදී එක්සත් ජාතික පක්‍ෂ ඉහල පෙලේ නායකයන්ට පුද්ගලිකව මුණ ගැසී හා දුරකතන මාර්ගයෙන් කර ඇති දැනුම් දීම් ඔස්සේ සිදු කරන ලද සමීක්‍ෂණයකින් මේ බව හෙලි වූ බවත් හෙතෙම පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හැරදා සජිත් ප්‍රේමදාස මහතා පිහිටවූ සමගි ජන බලවේගය සමඟ එක්වීමට හේතු ලෙස ඔවුන් බොහෝ දෙනකු පෙන්වා දී තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා කිසි දිනෙක ජයග්‍රහණය නොකරන නායකයෙකු වීමත් වැඩ බැරි නායකයකු ලෙසත් එකල ගොඩ නැගී තිබූ ප‍්‍රබල මතය බවය.

නමුත් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික කුණාටුවකදී කිසිවෙකු බාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්තාවක රට බාරගෙන මේ දක්වා පැමිණ තිබෙන බවත් තනි මන්ත‍්‍රිවරයෙකුව පැමිණ ජනාධිපති පුටුවටත් පැමිණීමට සමත්කම් දක්වා ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය අතහැර සමගි ජන බලවේගයට එක්වීමටත් බලපෑ ප්‍රධානම කාරණා මේ වන විට අහෝසි වී ඇති බවද ඔවුනගේ මතය වී ඇතැයිද ජාගොඩ මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ පනස් හයක් ලැබුණු අතර පසුව පැවති මහ මැතිවරණයට තරග වැදීමට ඔහු පිහිටවූ සමගි ජන බලවේගය පක්ෂයට ඡන්ද ලක්ෂ විසි හතක් ලැබිණි.

එම ඡන්ද සියල්ලම සැලකෙන්නේ පාරම්පරික එක්සත් ජාතික පක්ෂයේ ඡුන්ද ලෙසය.

එමෙන්ම ජනාධිපතිවරනයේදී ප‍්‍රකාශ වූ නමුත් මහ මැතිවරණයේදී ප‍්‍රකාශ නොවූ ඡන්ද ප‍්‍රමාණය ලක්‍ෂ 19කි. මහ මැතිවරණයේදී වෙන්වූ දෙමල සන්ධානය ඇතුළු පක්‍ෂවල ඡන්ද ලක්‍ෂ පහක් පමණ ඉවත් කල විට ඉතිරි ඡන්දද එජාප ඡන්ද සේ සැලකිය හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්