Fri. Jul 5th, 2024
Spread the News

ශ්‍රී ලංකා විරෝධීන්ට එරෙහිව ඉන්දීය
රජය ක්‍රියා නොකිරීම ගැන කනගාටුයි

– ඕමල්පේ සෝභිත හිමි

ප්‍රභාත් විතාන source:

වසර දහස්‌ ගණනක සිට පැවතෙන ශ්‍රී ලංකා ඉන්දීය ඓතිහාසික මිතුදම බිඳ දැමීමට කටයුතු කරන ශ්‍රී ලංකා විරෝධීන්ට එරෙහිව ඉන්දීය රජය මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම කනගාටුවට කරුණක්‌ යෑයි ජාතික හෙළ උරුමය නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

තමිල්නාඩුව යනු ඉන්දියාවේම ප්‍රාන්තයක්‌ බවත් එබැවින් මේ සම්බන්ධව වහා මැදිහත්වීම ඉන්දීය මධ්‍යම රජයේ තමිල්නාඩුවේද වගකීමක්‌ බවත් සෝභිත හිමියෝ පැවසූහ.

මෙලෙස දිගින් දිගටම මෙම තත්ත්වය වර්ධනය වුවහොත් ශ්‍රී ලංකා ඉන්දීය මිතුදමට මෙන්ම දෙරටේ සංචාරක කර්මාන්තයටත්, ව්‍යාපාරික ආයෝජනයත් බිඳ වැටීමට හේතුවනු නොඅනුමාන යෑයිද සෝභිත කියා සිටියහ.

එබැවින් මේ පිළිබඳව සොයා බලා මින් ඉදිරියට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමටත් ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසටත් අප ඉන්දීය මධ්‍යම රජයට බල කර සිටින බවත් කී උන් වහන්සේ මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර රාජතාන්ත්‍රික සාකච්ඡා වහා ආරම්භ කරන ලෙසට ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින බවත් පැවසූහ.