Fri. Jul 5th, 2024
Spread the News
Ruins of Nalanda University

මේ වගේ සුරංගනා කතා ගොතා මිනිසුන් මුලා කර
සිංහල මිනිසා සහ බෞද්ධ සංස්කෘතිය අතර තිබුණු දැඩි අක්මුල් සිඳ දමා ශ්‍රී ලංකාව දැහැමි දහමකින් තොර අරාබි කාන්තාරයක් බවට පත්කිරීමට වෙනත් ආගමික කණ්ඩායම්වලින් කොන්තරාත් ලබාගත් පිරිසක් දිවා රෑ වැඩ කරමින් සිටිති.

මේ පිරිස ලෝකයාට දීමට උත්සාහ කරන පණිවිඩය නම්, බුදුන් වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකු පහළවුණු මේ ශ්‍රී ලංකා භූමිය අපරාධ වලට තෝතැන්නක් බවයි.

බුදුන් ලංකාවේ ඉපදුනා කියන ප්‍රෝඩාකාරී මතය පිටුපස සැඟවී හොල්මන් කරන දුෂ්ට ප්‍රචාරයෙන් කිසියම් හෝ බෞද්ධ විරෝධී බලවේගයකට පාර කපා දීමට මේ හිත් පිත් නැති පාපතරයන් උත්සාහ කරනවා.

කෙනෙකුට ධර්මයෙහි පිහිටන්න බුදුන් ඉපදුන ස්ථානය බලපාන්නේ නැහැ.

බුදුන් යනු දේශයකට අයිති කෙනෙකු නොව විශ්වයට අයිති වස්තුවක්.

මේ මෝඩයින්ට එය ග්‍රහණය කර ගන්න අපහසුයි.

– එඩ්වර්ඩ් –
20.04.2023