Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy https://www.novica.com/amp/

වෙනත් මණ්ඩපයක ඇතිවුණු සංවාදයකට මා දුන් ප්‍රතිචාරය:

අනිවාර්යෙන්ම පුළුල් සමාජ ව්‍යාපාරයක් තුළින් පමණයි ඒ කළ හැක්කේ.
ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් යනු ගොළුබෙලි කටුවක්.
අනාරක්ෂිත බවක් බියක් ඇතිවන ඕනෑම මොහොතක ගොලුබෙල්ලා කටුව තුළට ගුළිවෙන නිවට නියාළු ආකාරයෙන් පක්ෂ නායකයින් ඇතුළු අනුගාමිකයින් ජනතාවගෙන් සැඟවෙන්න උත්සාහ කරනවා.
දේශපාලනය යනු හොරුන්ගේ බූදලයක් නොවෙයි.
ජනතා පරමාධිපත්‍යයේ සමාජමය ප්‍රකාශනයක්.
රටක් පාලනය වන්නේ ආණ්ඩුවක් විසින් නම්, එම ආණ්ඩුව පාලනය විය යුත්තේ ජනතා පරමාධිපත්‍යය හරහායි.

මහමැතිවරණ ට කලින් ජනතාවගේ සේවකයන් යැයි කියමින් ඡන්ද හිඟා කන බලලෝභී අවස්ථාවාදීන් මහ මැතිවරණයකදී ඡන්දය දිනා ගත් පසු ක්ෂණයකින් ජනතාවගේ හාම්පුතුන් බවට පත්වෙනවා.
ජනතාව ඒ තුළින් ඉබේටම වහලුන් බවට පත්වෙනවා.

මෙම අවිචාරමත්, අවිධිමත් හා සදාචාර විරෝධී ක්‍රියාව වහාම අවසන් කළ යුතුව තිබෙනවා.

-තෙවැනි ඇස-
09.11.2023