Wed. Jul 3rd, 2024
Spread the News
Anura Dissanayaka

මේ අදහස සමාජ මාධ්‍ය ජාලාවට ඉදිරිපත් කරන තැනැත්තා ඉන් අදහස් කළේ උපහාසය නම් අප ඊට 200% ක් එකග වෙනවා.

ප්‍රසිද්ධ කියමනක් තිබුණා තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි කියලා.

ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ අනුර කුමාර නැමැති බබාව තොටිල්ලේ තබා තොටිල්ල පදවන හස්තය කාදිනල් බව බොහෝ දෙනෙක් නොදන්නා බව පැහැදිලි වන්නේ ජනතාව පිස්සුවෙන් වගේ අනාගත දේශපාලනයට ඇති විකල්පය ජවිපෙ ප්‍රමුඛ ජාජබය කියන්න පෙළඹී තිබීම නිසයි.

කාදිනල් තොටිල්ලට අත තියන්නේ කලින් රදගුරු ඔස්වල්ඩ් ගෝමිස් රාජපක්ෂ පවුලේ අම්මලා තාත්තලා පුතාලා නැලවීම සඳහායි. විශේෂයෙන්ම වතිකානුවෙන් ගෙන්වන ලද ඉස්තරම්ම කිරිපිටි වලින් ඒ පවුලේ දේශපාලන බබාලාව පෝෂණය කළා.

රාජපක්ෂ පවුල රටේ ධනය කොල්ල කන විට දේපළ පිටරැටියන්ට විකුණන විටත් තොටිල්ලෙන් ලෝගුවේ අත ඉවත් වුනේ නැහැ.

නමුත් ජනතාව නිර්දය අන්දමින් රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරන විට තොටිල්ලේ නැළවෙමින් සිටි නාමල් බේබිව තාවකාලිකව තොටිල්ලෙන් ඉවත් කර අනුර කුමාරව ( ඉස්සර නම් පල්ලියට යක්ෂ පැටියා) තොටිල්ලේ තබා නළවන්නේ
අනාගත ඔටුන්න හිමි කුමාරයයෙක් නොහොත් දෙවන දොන් ජුවන් ධර්මපාල කෙනෙක් මීළඟ ජනාධිපතිවරණයේදී ඔටුනු පැළඳවීමටයි.

1505 දී රෝමානු කතෝලික ප්‍රතිකාල් සෙනෙවි ලොරෙන්සෝ ද අල්මේදා තකතීරු භුවනෙකබාහු ගෙන් ඉල්ලා සිටියේ ගෙරි හමක් එලා ගැනීමට තරම් ඉඩකඩක් දුන්නොත් ඇති කියායි.

එවන් බොරුවක් කියා මේ සුන්දර දිවයිනට පය ගසා ගත් මෘග ප්‍රතිකාල් හමුදාවෙන් පැවත එන්නන් දේශීය නම් අරගෙන දැන් ඉල්ලන්නේ පදවන්න තොටිල්ලක් පමණක් දුන්නොත් ඇති කියායි.

ගැමි වහරේ එන “ලබ්බට තියපු අත පුහුලටත්” තබන්නා සේ තොටිල්ලට තියපු අත සහරාන්ලා ව බිහිකර ගෝඨාභය බලයට පත්කර ඉන්පසුව ඔහුව නොමරා මරා පන්නා දමා තොටිල්ල පදවන අත “වෙනත් හිට්ලර්” කෙනෙක් සොයයි.

ඉතිහාසය පුනරුච්චාරණය වෙන බව නැවත නැවතත් ඔප්පු කරමින් වතිකානුව එදා යුදෙව්වන් මිලියන ගණනින් මරා දමන්න හිට්ලර්ට උදව් කළ සේම
ශ්‍රී ලංකාවටත් හිට්ලර් චරිතයක් හඳුන්වාදීමට එළිපිටම වැඩ කරයි.

හාස්‍යයට කරුණ නම් හිට්ලර්ගේ මිනීමරු දේශපාලනයේ න්‍යාය වූ ජාතිකවාදී සමාජවාදයට සමාන සමාජවාදයක් ජව්පෙ ප්‍රමුඛ ජාතික ජනතා බලවේගය ටත් හදුන්වා දී තිබීමයි.
හිට්ලර්ගේ කැබිනට්ටුවේ බලවත්ම ඇමති වී සිටි Gobel ට සමාන මහාචාර්ය වරුන්ගෙන් ජවිපයේ නායකත්ව ශිඛරයත් සාදා තිබීමයි.

ජවිපෙ ඇරඹුණේ මුට්ට කරගහන නාට්‍ටඹියන්ගෙන්.
අවසන් වෙන්න යන්නේ ආරම්භයේ එවැනි නාට්ටඹියෙක් වි පසුව කෝටිපති ව්‍යාපාරිකයෙකු
වුණ ආණා මූණා කාණා චෙට්ටියාර් වැන්නෙකුගෙන්.
අඩු වශයෙන් අනුර කුමාර හෝ ආණා මූණා කෙනෙක් වි නම් එක පුද්ගලයෙකුට හෝ විමුක්තිය ලැබුණා යයි ඔවුන්ට කාලකන්ණි සතුටක් දැනෙණු ඇත.

අප මේ ගෙවමින් සිටින්නේ බඩගින්නේ සිටින ජනතාව ආනා මූණා කාණාට ජයවේවා කියමින් පාරේ පෙළපාලි යන කලියුග කාලයකුයි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

08.03.2023