Mon. Jul 8th, 2024
Spread the News

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ බැන් කී මූන් ඉවත දමයි

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට අයත් රටවල් කීපයක සහාය මත ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ප්‍රධානියකු වූ පිල්ප්පේ බොලෝසියන් දැරූ උත්සාහය මහලේකම් බැන් කී මූන් විසින් ව්‍යර්ථ කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් හමුවූ බොලෝවියස්‌ රුසියාව සහ චීනය ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී බවත් එහෙත් ආරක්‌ෂක මණ්‌ඩලයේ අනිකුත් සාමාජිකයන් වූ ප්‍රංශය, බ්‍රිතාන්‍ය හා ඇමරිකාව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්‍ෂණයකට එකඟ බව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට යෝජනාවක්‌ ගෙන ඒමට කළ සැලැස්‌ම අනාවරණය වූයේ මුල්වරටය.

හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය කළ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වා ඇති මහලේකම් බැන් කී මූන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා නියෝග කිරීමට තමාට බලයක්‌ නැතැයි දන්වා ඇත.

මෙලෙස එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාව නම් කොටි නායකත්වය වැනසීමය.

පිලිප්පේ බොලෝවියස්‌ගේ මෙම ඉල්ලීම ගැන මෙරට ආණ්‌ඩුවටද අනාවරණය වී නොතිබුණි.