Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtecy JVP Srilanka

විසඳුම කියන සංකල්පයත් හොරාකාපු අදහසක්. ඒක පට්ට ගහමින් රැවටුණු එකාව තව තවත් රවට්ටමින් තොවිලය ජයටම කරගෙන යනවා.

මේ පවතින රාමුව තුළ ලංකාව ගොඩගත හැකි විසඳුමක් ඇත්තේ නැහැ.

සැබෑ විසඳුමක් සඳහා:

  1. බලය ඉල්ලන කණ්ඩායමට පැහැදිලිවම දැනට ලෝකයේ මෙතෙක් භාවිතා නොවුන දේශපාලන හා ආර්ථික න්‍යායක් තිබිය යුතුයි.
  2. මෙම න්‍යාය ප්‍රායෝගික තලයට ගෙන ඒම සඳහා උගතුන්ගෙන් පමණක් නොව බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් පිරිසක් ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය තුළ අලුත් න්‍යාය විසඳුම් සොයන ක්‍රමවේදය බව සනාථ කළ හැකි නිෂ්පාදනය, වෙළඳපල ( දේශීය මෙන්ම විදේශීය), පරිභෝජන රටාව, ප්‍රජා සෞඛ්‍ය සහ පරිසරය ආරක්ෂා කර ගැනීම, සහතික උගතුන් වෙනුවට භූමියේ යථාර්තය හඳුනා ගත් පිරිස් වලට ඉහත කී සාධක කළමනාකරණය කිරීම භාරදීම පදනම් කරගෙන අකාර්යක්ෂමතාවය සහ දූෂණයට තිත තැබීම කළ හැකියි. ආරම්භයේ දී ම ප්‍රතිඵල පෙන්විය හැකි තත්ත්වයක් මේ තුළින් නිර්මාණය වෙනවා.

කෙනෙකුට මාළිමාවක් අවශ්‍ය වන්නේ යන දිශාව වරද්දා ගත් විටකදීයි. මං මුළා වූ පිරිසේ එකෙකුට හෝ මොළයක් තිබේ නම්, මාළිමාව නැතිවුනත් අන් අයට පාර කියාදෙනු ඇත.

ගැල් නායකයා මරුකතරේ මිනිසුන්ට හා ගැල් ගවයන්ට මියැදෙන්නට නොදී, උල්පත වසා සිටී දැඩි පාෂාණය කුළුගෙඩි පහරින් බිඳ දමා ජලය ලබාදී තම පිරිස ඒ ව්‍යසනයෙන් මුදා ගත් අන්දම වණ්ණුපථ ජාතකය මනාව විස්තර කරනවා.

තරුණ වේවා මහළු වේවා පාර්ලිමේන්තුව තුළ දිරාපත් වෙමින් සිටින 225 ට අයත් කිසිම පක්ෂයක එවන් ලක්ෂණ ඇති නායකයෙක් සිටින බවක් මේ වන තුරුත් ඔප්පු වී නැහැ.

රෝහණ විජේවීරගේ නම විකුණමින්, ඔහුගේ කතා ජනතාව රැවටීම සඳහා යොදා ගනිමින් ජවිපෙ /ජාජබය මේ යන ගමන කුමක්ද?

පැරණි රාමුව තුළ සිට කරන සෑම අරගලයක් ම නිෂ්ඵලයි.
කුකුළු පැටියකු වුවත් ජීවිතය පටන් ගන්නේ මෙතෙක් තමාව ගුලි කර තැබූ බිත්තර කටුව තමා විසින්ම කඩා බිඳ දැමීම තුළින්.

බිත්තර කටුව තුළ සැඟවී ආරක්ෂාව ලබන අතරේම System Change බයිලාවෙන් දේශපාලන වේදිකා ආකර්ෂණය කර ගැනීම
පවතින බංකොලොත් දේශපාලනයේම නිෂ්ඵල දිගුවක් පමණයි.

අපි දූෂණයට මෙන්ම රැවැට්ටීමටද
වහාම තිතක් තබමු!

  • එඩ්වර්ඩ් –
    02.04.2023