Mon. Jul 8th, 2024
Spread the News

Divaina

විදේශිකයන් සමග විවාහ වීමේ නව නීතිය නිසා දෙමළ ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සහ උතුරේ කාන්තාවන් 50 දෙනකුට අධික පිරිසකගේ විවාහ ගිවිස ගැනීම් නතර වී ඇතැයි වාර්තා වේ.

 ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ ශී‍්‍ර ලංකාවේ පනවා ඇති නව නීතිය නිසා ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ගේ අනන්‍යතාවය මෙරට බුද්ධි අංශවලට හෙළි වන බවයි.

 ත‍්‍රස්තවාදී කි‍්‍රයා, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කළු සල්ලි ජාවාරම් තර්ජනය මෙන්ම උතුරේ රාජ්‍ය විරෝධී කි‍්‍රයා සඳහා අරමුදල් සපයන්නට අල්ලා ගැනීමේ අරමුණින් මෙම නව නීතිය පනවා ඇත.

 එම නීතිය අනුව විදේශිකයන්ට සිය අනන්‍යතාවය ආරක්ෂක අමාත්‍යාංශයට අනාවරණය කළ යුතුයි.

 මෙතෙක් එවැනි නීතියක් කි‍්‍රයාත්මක නොවීමෙන් නම් මාරු කරගෙන ඇති ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් අල්ලා ගැනීමට බුද්ධි අංශවලට නොහැකි වී තිබිණි.

 කීර්ති වර්ණකුලසූරිය